2027 අයවැයෙන් වාහන හා ප්‍රවාහන ක්ෂේත්රයට ගෙන ආ සියලුම යෝජනා මෙන්න - විද්‍යුත් වාහන දීමනා 150%කින් ඉහළට - රියදුරන්ට දෝෂ ලකුණු ක්‍රමයක් සහ වාහන ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට
ශ්‍රී ලංකාවේ 2027 අයවැය මගින් වාහන හා ප්‍රවාහන ක්ෂේත්රයට අදාළ යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඒ අතර විද්‍යුත් වාහන භාවිතය දිරිගැන්වීම, රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනා ඉහළ නැංවීම සහ වාහන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම ප්‍රධාන වේ.
කෙසේ වෙතත්, මෝටර් රථ, SUV රථ හෝ යතුරුපැදි ආනයනය සඳහා අදාළ තීරුබදු සහ නිෂ්පාදන බදු (Excise Tax) සම්බන්ධයෙන් නව පොදු බදු සහනයක් හෝ අඩු කිරීමක් මෙම අයවැයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.
පාර්ලිමේන්තුවේදී 2027 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වාහන හා ප්‍රවාහන ක්ෂේත්රයට අදාළ පහත යෝජනා ඉදිරිපත් කළේය.
විද්‍යුත් වාහන භාවිතයට දිරිගැන්වීම්
රාජ්‍ය රාජකාරි කටයුතු සඳහා පූර්ණ විද්‍යුත් පෞද්ගලික වාහන භාවිත කරන සුදුසුකම් ලත් රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන මාසික දීමනාව සියයට 150කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
මෙම වැඩි කිරීම 2027 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනාව දෙගුණ කෙරේ රාජ්‍ය රාජකාරි සඳහා තම පෞද්ගලික වාහන භාවිත කරන සුදුසුකම් ලත් විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ මාසික ප්‍රවාහන දීමනාව රුපියල් 50,000 සිට රුපියල් 100,000 දක්වා ඉහළ නැංවීමට ද යෝජනා කර ඇත.
වාහන ලියාපදිංචි කිරීම ඩිජිටල්කරණයට වාහන ලියාපදිංචි කිරීම සහ හිමිකාරිත්වය පැවරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම සඳහා නවීන ඩිජිටල් පද්ධතියක් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 700ක මුදලක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.
රියදුරන් සඳහා දෝෂ ලකුණු ක්‍රමවේදයක්
රියදුරන්ගේ රථවාහන වැරදි නිරීක්ෂණය කිරීම සහ මාර්ග ආරක්ෂාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් නව ඩිජිටල් දෝෂ ලකුණු (Demerit Points) ක්‍රමවේදයක් හඳුන්වා දීමට ද රජය සැලසුම් කර ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩපිළිවෙළ සඳහා රුපියල් බිලියන 1.5ක මුදලක් වෙන් කිරීමට යෝජනා වී තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැරට මහජනතාවට ලබාදෙන සේවාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැර ප්‍රදේශයට ස්ථානගත කිරීම සඳහා තවත් රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කිරීමට ද අයවැයෙන් යෝජනා කර ඇත.
වාහන ආනයන බදු අඩු කිරීමක් නැහැ වාහන ක්ෂේත්රයට අදාළව මෙවැනි යෝජනා රැසක් ඉදිරිපත් කර තිබුණද, මෝටර් රථ, SUV රථ සහ යතුරුපැදි ආනයනය සඳහා පනවා ඇති තීරුබදු හෝ නිෂ්පාදන බදු අඩු කිරීමක් පිළිබඳව අයවැයෙන් විශේෂ සඳහනක් කර නොමැත.
අයවැයෙන් පසු වාහන මිල අඩුවීමේ හැකියාවක් නැහැ –
ආනයනකරුවන් මේ අතර, 2027 අයවැය මගින් වාහන ආනයන බදු සම්බන්ධයෙන් කිසිදු සහනයක් ලබාදී නොමැති බැවින් ඉදිරියේදී වාහන මිල ගණන් පහළ යාමට ඉඩක් නොමැති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගෝ මහතා සඳහන් කළේ, අයවැය මගින් වාහන ආනයන ක්ෂේත්රයට යම් බදු සහනයක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය වෙත ද ඉල්ලීම් ඉදිරිපත් කළ බවයි.
එහිදී රටේ විදේශ විනිමය සංචිත සම්බන්ධ ගැටලු මෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය ද සාකච්ඡාවට ලක් වූ බව ඔහු පැවසීය.
එමෙන්ම, අයවැය මගින් වාහන ආනයන බදු සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් වාහන මිලදී ගැනීමට සූදානමින් සිටි බොහෝ පිරිසක් තම මිලදී ගැනීම් කල් දමා තිබූ බව ද රොද්‍රිගෝ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත්, අයවැය මගින් අපේක්ෂිත බදු සහනය ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් පවතින බදු ව්‍යුහය යටතේ වාහන මිල ගණන් පහළ යාමේ අපේක්ෂාවක් නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය
සිමෙන්ති, තීන්ත, ටයර් ඇතුළු ආනයනික භාණ්ඩ 800ක සෙස් (CESS) බදු අඩු කිරීමට 2027 අයවැයෙන් යෝජනා - 2027 අප්‍රේල් 1 සිට බදු අනුපාත පහළට