ජනාධිපතිතුමනි මමත් ඔබේ ගමට ආවා.හැබැයි මම ඔබේ ගමට ඇවිල්ලා වෛරය පතුරවන්නේ නෑ

Report

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ආකාරයට සමාජයේ සියලුම සංස්කෘතීන් ආරක්ෂා විය යුතු බවට සඳහන් කරයි.

දකුණේ ජනතාව යාපනේ සිල්ගන්න යන එකටත් උතුරේ ජනතාව කතරගම දෙවියන් වැදපුදාගන්න එන්න එකටවත් ජාතිවාදියෝ යැයි හංවඩු ගහන්න ලෑස්තිවෙන්න එපා යැයි ද රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

පා. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට තවත් බාධාවක්

පා. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට තවත් බාධාවක්

ඔහු මේ බව ප්‍රකාශ කළේ තඹුත්තේගම පැවති ජන හමුවට සහභාගී වෙමිනි.එහිදී,

"වර්තමානයේ අපේ ජනාධිපතිතුමා අපේ ගමට දෙවතාවක් ආවා.මම ටිකක් පරක්කු වුණා.හැබැයි ජනාධිපතිතුමනි මමත් ඔබේ ගමට ආවා.හැබැයි මම ඔබේ ගමට ඇවිල්ලා වෛරය පතුරවන්නේ නෑ,මම ඔබේ ගමට ඇවිල්ලා ඊර්ෂ්‍යාව ක්‍රෝධය පතුරවන්නේ නෑ.හැබැයි අපි විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්තියක් තියනවා.අපි විශ්වාස කරනවා මේ රටේ හෙළ සංස්කෘතිය ඇතුලේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයක් තුළ සියළු සංස්කෘතින් ආරක්ෂා වෙන්න ඕන"

යැයි නාමල් රාජපක්ෂ මහතා එහිදී කීය.

රාමසාන් සමරන රාජ්‍ය සේවකයන්ට විශේෂ වරප්‍රසාදයක්

රාමසාන් සමරන රාජ්‍ය සේවකයන්ට විශේෂ වරප්‍රසාදයක්