නාමල් රාජපක්ෂගේ විවාහයේ නොගෙවූ විදුලි බිල සම්බන්ධයෙන් වන පුවත ගැන විදුලිබල මණ්ඩලයට වහාම ලිපියක්.. (PHOTO)

Namal Rajapaksa Sri Lanka Politician Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By krishani Aug 04, 2023 03:15 PM GMT
krishani

krishani

Report

සමාජ මාධ්‍ය මඟින් සංසරණය වන නොගෙවන ලද විදුලි බිල්පතකට අදාළ ලිපිය සම්බන්ධව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් විදුලිබල මණ්ඩලය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ ඔහුගේ නම සඳහන් කරමින්, 2019 වර්ෂයට අදාළ නොගෙවූ හිග විදුලි බිල්පතක් සම්බන්ධව 2023 අගෝස්තු 02 දිනැති විදුලිබල මණ්ඩලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් වූ ලිපියක් උපුටමින් විවේචනාත්මක හා අපහාසාත්මක තොරතුරු සමාජ මාධ්‍ය තුළ මේ දිනවල සංසරණය වෙමින් පවතින බවටයි.

එහිදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වානිජ හා ආයතනික - බෙදාහැරීම් අංශ 4) විසින් නිකුත් කරන ලද යැයි සදහන් එම ලිපිය  ලංකා විදුලිබල මණ්ඩලය මඟින් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වන බව ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම එම ලිපියට අදාලව, විදුලි බිල් පතක් ඉදිරිපත් කර ඇත්නම් එය කාගේ නමින්, කුමන දිනයක, කුමන ලිපිනයක් සඳහා යොමුකර ඇද්ද යන්න වගත්, එම බිල්පතෙහි නිවැරදි තොරතුරු ඔහු වෙත ලබා දීමට කටයුතු කරන ලෙසත් එම ලිපියෙන් දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තුළ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් හම්බන්තොට වීරකැටිය නිවසේ පැවති උත්සවයකට සහභාගි වන බව දන්වා ලංකා විදුලි බල මණ්ඩලයෙන් ආලෝකය සැපයීම පිළිබඳව ඉල්ලීමක් සිදුකර ඇති බවත් ඒ 2019-09-12 දින සිට 2019-09-15 දින දක්වා කාලයන් සඳහා වීරකැටිය නිවසේ පැවති උත්සවයකට ආරක්ෂක පහන් සවිකරන ලෙස කළ ඉල්ලීමක් බවත් සම්බන්ධයෙන් පුවතක් සංසරණය වෙනවා.

එම ඉල්ලීමට අනුව තාවකාලිකව විදුලිය සපයා, ආරක්ෂක පහන් සවිකර, විදුලිය ලබා දී නැවත එම උපකරණ ගලවා ඉවත් කර ඇති අතර ඒ සඳහා  විදුලි බල මණ්ඩලයට ආරක්ෂක පහන් සවිකිරීම සහ ජනක යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රුපියල් 2,682,246යි ශත 57ක වියදමක් දැරීමට සිදු විය.

නමුත් විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියේ එම මුදල තවමත් ගෙවා නොමැති බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නලින් හේවගේ මහතා අදහස් දක්වමින් මේ බව කියා සිටි අතර ඔහු විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුව විදුලි බල මණ්ඩලය විසින් මෙම තොරතුරු ලබා දී ඇත.

එමෙන්ම මෙම විදුලි බිල්පත, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගලෝත්සවයට අදාළ විදුලි බිල්පතක් වන බව ද එ මහතා වැඩිදුරටත් අදහස් දැක්වමින් කියා සිටියේ ය.

Gallery
ReeCha