හයේෂිකා ''ටීචර් අම්මට'' බැකප් එක දෙන්නේ නාමල් ??? (VIDEO)
වත්මන් ආණ්ඩුවේ බංකලොත් භාවය හේතුවෙන් මේවන විට රට තුල මර්දනය දියත් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
එමෙන්ම තවත් පසකින් ආණ්ඩුව තමන්ගේ ඡන්ද දායකයන්ට තර්ජනය කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා චෝදනා නගන්නේ.
ආණ්ඩුවට නිසි ලෙස රටේ කාර්ය කළමනාකරණය කර ගැනීමට නොහැකි හේතුවෙන් මර්දනය උපයෝගී කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පාතාලය මර්දනය කරන බව පැවසු ආණ්ඩුව මේවන විට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුවරියක් පසු පස පොලිසිය යොදවා ඇති බවද සඳහන් කළා.
ඒ තුලින් ආණ්ඩුවේ නොහැකියාව පෙනී යන බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
සම්පුර්ණ වීඩියෝව පහතින් බලන්න...