නාමල් රාජපක්ෂ ජයටම ගත්ත මගුල් ගෙදර, වීරකැටියේ නිවසේ විදුලි ගාස්තුව විතරක් ලක්ෂ ගාණක් - තවමත් ගෙවලා නෑ විදුලිබල මණ්ඩලය කියයි.

Namal Rajapaksa Sri Lanka Politician Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By krishani Aug 04, 2023 02:37 PM GMT
krishani

krishani

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් හම්බන්තොට වීරකැටිය නිවසේ පැවති උත්සවයකට සහභාගි වන බව දන්වා ලංකා විදුලි බල මණ්ඩලයෙන් ආලෝකය සැපයීම පිළිබඳව ඉල්ලීමක් සිදුකර ඇත.

ඒ 2019-09-12 දින සිට 2019-09-15 දින දක්වා කාලයන් සඳහා විය.

එම ඉල්ලීම සිදුකර ඇත්තේ වීරකැටිය නිවසේ පැවති උත්සවයකට ආරක්ෂක පහන් සවිකරන ලෙසයි.

එම ඉල්ලීමට අනුව තාවකාලිකව විදුලිය සපයා, ආරක්ෂක පහන් සවිකර, විදුලිය ලබා දී නැවත එම උපකරණ ගලවා ඉවත් කර ඇත.

ඒ අනුව විදුලි බල මණ්ඩලයට ආරක්ෂක පහන් සවිකිරීම සහ ජනක යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රුපියල් 2,682,246යි ශත 57ක වියදමක් දැරීමට සිදු විය.

නමුත් විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියේ එම මුදල තවමත් ගෙවා නොමැති බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නලින් හේවගේ මහතා අදහස් දක්වමින් මේ බව කියා සිටි අතර ඔහු විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුව විදුලි බල මණ්ඩලය විසින් මෙම තොරතුරු ලබා දී ඇත.

එමෙන්ම මෙම විදුලි බිල්පත, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගලෝත්සවයට අදාළ විදුලි බිල්පතක් වන බව ද එ මහතා වැඩිදුරටත් අදහස් දැක්වමින් කියා සිටියේ ය.

ReeCha