රැලිය පැත්තක.. නාමල් බෙල්ල මුලින් හිර වෙයි - එයාර් බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නාමල් නම් කිරීමට CIDයට උපදෙස්
ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවෙකු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ මෙතෙක් කළ විමර්ශනවලට අනුව නාමල් රාජපක්ෂට එම නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වශයෙන් නම් කර තිබූ කපිල චන්ද්‍රසේන විසින් ලබාගත් අල්ලස් මුදලක් ලබා දී ඇති බවට තොරතුරු හෙළි වී තිබීම හේතුවෙන් බව සඳහන්.
එබැවින් අදාළ උපදෙස් සම්බන්ධයෙන් මෝසමක් මඟින් නඩුව කැඳවා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සැකකරුවෙකු වශයෙන් නාමල් රාජපක්ෂ නම් කිරීමට නියමිත බව වාර්තා වේ.
මහින්ද අනුරාධපුරේ හොල්ලන්න එද්දි ආණ්ඩුවට වසර දෙකයි - රටට සුබයි කියලා ජනපති අනුරත් පොළොන්නරුවේ කරට කර
එසේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව විභාග වේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ මෙම ගනුදෙනුවේදී රුපියල් ලක්ෂ 100ක අල්ලසක් 2014, 2015 වසරවලදී අවස්ථා කිහිපයකදී ලබා ගැනීමේ චෝදනා මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් ඉකුත් දා නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන තිබුණ අතර පසුව ඔහු ලබන 18 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.