නාමල්ට ඇපත් නැති වෙයි.. ඇප ඉල්ලීමට අධිකරණයෙන් දුන් නියෝගය - හෙට මොකක් වෙයිද?
කොළඹ මහෙස්ත්රාත් අධිකරණය මඟින් ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් හෙට (28) දින කරුණු දක්වන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඇප ඉල්ලා ඇති බව සඳහන්.
එසේ වුවත් එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කාලය ලබාදෙන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා ඇත.
එබැවින් එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් හෙට දිනයේ කරුණු දක්වන ලෙස මහෙස්ත්රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කර තිබෙන බව වාර්තා වේ.