රටම හොයපු කහ ගෑස් එකේ ඊයේ මහ රෑ මිල වැඩි කරපු ඇත්තම හේතුව - ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට තිත්ත ඇත්තක්
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් LP ගෑස් මිල සහ වෙළඳපළ බෙදා හැරීම පිළිබඳ මෑත කාලීන ගැටළු සම්බන්ධයෙන් අද (14) පාර්ලිමේන්තුව ඇමතුවා.
එහිදී ඔහු රටේ ගෑස් සැපයුමේ ව්‍යුහාත්මක බිඳවැටීම පැහැදිලි කළ අතර පුද්ගලික අංශයේ LAUGFS ගෑස් සිලින්ඩර වටා ඇති මිලකරණ ගැටළුවලට ද ප්‍රතිචාර දැක්වූවා.
ඒ අනුව අමාත්‍යවරයා කියා සිටියේ,
කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න
"මේ වන විට ශ්‍රී ලංකාවේ ගෑස් වෙළඳපොළෙන් 90% ක් සපයන්නේ ලිට්රෝ ගෑස් එක. එහෙම නැත්තම් නිල් පාට ගෑස් එක. ඔවුන් මාසිකව පුරවනවා රජයේ ලිට්රෝ සමාගම මිලියන 2 ක්. ඔය කහ පාට ගෑස් සිලින්ඩරය ලක්ෂ 3යි මාසෙට පුරවන්නේ. එතකොට ලංකාවේ ගෑස් ප්‍රශ්නයක් දැන් පෙන්නන්න හදනවනේ. අයවැයේ නැතුව ගෑස් මිල වැඩි කරා කියලා. හැබැයි ගෑස් මිල වැඩි වුණා නම් වැඩි වෙලා තියෙන්නේ කහ පාට ගෑස් සිලින්ඩරේ තියෙන පෞද්ගලික අංශයේ තියෙන ඒවා.. දැන් ලිට්රෝ එකේ සිලින්ඩර තියෙනවා 40000ක්. තව ලක්ෂයක් ගෙන්වන්න ඇනවුම් කරලා තියෙනවා. මේ දෙසැම්බර් වෙනකොට ඒකෙන් 35000ක් එනවා. එතකොට ඒවත් පිරෙනවා. හැබැයි මම එක දෙයක් පිළිගන්නවා. කහ පාට ගෑස් සිලින්ඩර තමයි, කිලෝ 37.5 ලොකු එක තමයි පෞද්ගලික අංශයේ හෝටල්වලට වැඩිපුර පාවිච්චි කරන්නේ. මොකද මෙතන වුණේ මේගොල්ලෝ ලාෆ්ස් ගෑස් එක එනකොට තරගකාරී මිල ප්‍රශ්නේ ආවම එදා රජය තීරණය කරලා තියෙනවා ලාෆ්ස් එකට දෙනකොට 60% ක් අපනයනය කරන්න ඕන, 40% ක් දේශීය වෙළඳපොළට දෙන්න පුළුවන්. ඒ 60% ක් අපනයන වෙළඳපොළට දෙනවා නම් තමයි BOI පහසුකම් දෙන්නේ කියලා. හැබැයි 2019 ඉඳලා ලාෆ්ස් එක, වෑගපිටිය සමාගම BOI පහසුකම් ලබා ගෙන තියෙනවා හැබැයි ඒ සැපයුම කරලා නෑ. ඒ කාලේ මේ කවුරුත් නිදියගෙන ඉඳලා තියෙනවා. ඒ දේශපාලන ගනුදෙනුත් අපි දන්නවා.. ඕක තමයි ඇත්ත කතාව. ඒ නිසා අපි කිව්වා රජය හැටියට ඕගොල්ලෝ එක්කෝ BOI පහසුකම් ගන්නවා නම් BOI වෙන්න. නැත්තම් BOI එකෙන් අයින් වෙලා දේශීය වෙළඳපොළටම සම්පූර්ණ දෙන්න. හැබැයි ඒ විදිහට බදු ගෙවන්න. මොකද හරි පරතරයක් එනවානේ. රජයේ ලිට්රෝ සමාගම දේශීය වෙළඳපොළට නිකුත් කරනවා දේශීය මිල ගණන්වලට බදු ගෙවලා. හැබැයි ලාෆ්ස් එක BOI පහසුකම් බදු සහන ඔක්කොම ගන්නවා හැබැයි දේශීය වෙළඳපොළට විකුණන්න ඉල්ලනවා බදු නැතුව. දැන් ඒ ගොල්ලෝ බිලියන දහයක් විතර ලොස්ට් කොහොමත්. මොකද ඒ ගොල්ලොන්ට පහුගිය කාලේ රාජපක්ෂ සමාගමෙන් හම්බෙච්ච පහසුකම් දැන් හම්බෙන්නේ නෑ කොහොමත්. 2019 ඉඳලා ඒ ගොල්ලෝ බදු ගෙවලා නෑ. එතකොට ඒ ගොල්ලෝ BOI පහසුකම් බදු සහන අරගෙන BOI ක්‍රමයට නෙවේ වෙළඳපොළේ ඉන්නේ ඒක තමයි අර්බුදේ. ඒ අර්බුදේ දැන් ජනතාව පිට පටවන කොට මේ අයවැය වෙලාවේ මොකෝ මේක ගේන්නේ. අයවැය ජීවන වියදමට සහන ගොඩක් දීලා තියෙනවා. ඒ සහන ටික මාතෘකාව මකලා දැන් මේ ගොල්ලොන්ට ඕනේ අයවැයේ එකක් කියලා රෑට ගෑස් මිල වැඩි කරනවා කියලා කතාවක් හදන්න. ඒ දේශපාලන මාතෘකාව ගේන්න තමයි දැන් මේ ගෑස් මිල වැඩි කරලා තියෙන්නේ. මන් දන්නවා ඒ වැඩිකිරීම නිසා ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒ ප්රශ්නය අපි කියන්නේ රජය භාරගන්න ලෑස්තියි. මොකද හරි නම් ගෑස් එක මොන පාට වුණත් කමක් නෑ ඒ ගෑස් එක ගන්න රජයෙන් වැඩපිළිවෙළ හදන්න ඕනේ. ඒ ක්‍රමෙ හදන්න රජයේ ගෑස් සැපයුම, ටැංකි ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. ඒක ලිට්රෝ එකෙන් කරනවා. ඒ නිසා මේක මුළු රටේම ප්‍රශ්නයක් නෙවේ. මේක ලක්ෂ තුනක ගෑස් සිලින්ඩර් තියෙන අයගේ ප්‍රශ්නයක්. ඒකත් ප්‍රශ්නයක් බව දන්නවා. එච්චරයි. හැබැයි පෞද්ගලික අංශයේ අර 37.5 ලොකු සිලින්ඩර් විසිදාස් හත්සීයක් තියෙනවා වෙළඳපොළේ. ඒ ලිට්රෝ ලාෆ්ස් දෙකේම ඒවා. නමුත් මම කියනවා ලංකාවේ 90%, 12.5 පාරිභෝගිකයන්ට ගෑස් සපයන්නේ ලිට්රෝ සමාගම. දැන් වැඩි පාරිභෝගික පහසුවක් තියෙන්නේ ලිට්රෝ අයට "