කෝ ඩොලර් බිලියන හතර.. පහුගිය අවුරුද්දේ ඔබතුමාලගේ අමාත්‍යාංශයට වෙන් වුනු මුදල් වියදම් කරපු විදිහ කියන්න.. මුළු රටටම ඕන ඇත්ත නාමල් සභාවට ගෙනෙයි

Report

අද(14) දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයේ ආර්ථික කළමනාකරණය සහ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම විවේචනය කළේ ජීවන වියදම් ඉහළ යාම, විදේශ ආයෝජන සහ වෙන් කළ අරමුදල් ඌන ලෙස භාවිතා කිරීම පිළිබඳව සිය කනස්සල්ල මතු කරමින්.

ඒ අනුව ඔහු 2027 අයවැය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් විමසා සිටියේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති සහ පොරොන්දු වූ සංවර්ධන වැඩසටහන් ඉටු කිරීමට ඇති හැකියාව පිළිබඳවයි.

එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා, රජයේ බදු ප්‍රතිපත්ති සාමාන්‍ය පුරවැසියන් මත දැඩි බරක් පැටවීම දිගටම සිදු කරන බවත්, කිරිපිටි සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් සහනයක් ලබා දීමට අපොහොසත් වන බවටත් තර්ක කර සිටියා.

කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න

කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න

" පාසල් දරුවන්ගේ පොත්පත්වලින් වැට් බද්ද අඩු කරන්න කියලා අපි පහුගිය කාලේ දිගින් දිගටම මතක් කළා. ඒක හරි දැන් කරලා තියෙනවා. හැබැයි අත්‍යවශ්‍ය ආහාරවල කිරිපිටිවල බෙහෙත්වලවල වැට් බද්ද අයින් කරන්න ඔබතුමාලා එදා මැතිවරණ කාලේ කියපුවා දැන් මතක් කරන්නෙත් නෑ. මොකද එදා කියපු ඒවා බොරු කියලා ඔප්පු කරලා හැම අයවැයකින්ම අලුතින් බොරු කියලා. ඒ නිසා ඒවා ගැන මතක් කරන්නේ නෑ. දැන් ඔබේ බදු ප්‍රතිපත්තියෙන් සහන ලබන්නේ කෝටිපති ව්‍යාපාරිකයෝ. දැන් ස්මාර්ට් මීටර් දෙනවා කිව්වා නොමිලේ හොදයි. හැබැයි ඒවා දෙන්නේ කාටද යුනිට් 180ට වැඩි අයට. ලංකාවේ වැඩියෙන්ම විදුලි බිල ගෙවන කෝටිපතියන්ට තමයි නිකන් ස්මාර්ට් මීටර් දෙන්නේ. දැන් මේ රටේ කර්මාන්තවල, දුප්පත් මනුෂ්‍යයන්ගේ විදුලි බිල අඩු කරන්න ආණ්ඩුවේ වැඩපිළිවෙළ මොකක්ද? දැන් ජනාධිපතිතුමා සාකච්ඡා කරනවා imf එකේ ඉන්නවද නැද්ද කියලා. ඒකෙ ඉන්නවද නැද්ද කියන කාරණේ නෙවෙයි මේ රටේ ආර්ථිකයට අලුතින් ආයෝජන ගේන්න ඔබතුමාලගේ වැඩ පිළිවෙළ මොකද්ද? දැන් 2005-2015 ඇතුළත තමයි ලංකා ඉතිහාසයේ වැඩිම ආයෝජකයෝ ලංකාවට ආවේ. ඒ ආවෙ දැන් තියෙන සිස්ටම් එකට අනුව. හැබැයි ඔබේ න්‍යාය පත්‍රය මොකද්ද? රටේ ආයෝජනය සඳහා නිලධාරීන් කඩින මෙන් වැඩකළොත් මහන්සි වෙලා ඉක්මනින්ම අවසර දුන්නොත් ඒක හොරකමක්. ඇයි සාමාන්‍ය ක්‍රමවේදයට වඩා වේගයෙන් ආයෝජකයට අනුමැතිය දීලා. හැබැයි දැන් ජනාධිපතිතුමා ඒක කරන්නත් වෙන ආයතනයක් හදන්න හදනවා. වෙන ආයතන හදන්න කලින් තියෙන ආයතන ටික ශක්තිමත් කරන්න. ඒ මිනිස්සුන්ට නිදහස දෙන්න වැඩ කරන්න හැම ආයෝජකයෙක් දිහාම සැකෙන් බලන්න එපා. හැම ආයෝජකයෙක්ම හොරෙක් ගානට දාලා එයාලට උදව් කරන නිලධාරිනුත් හොරෙක් ගානට දැම්මහම මේ නිලධාරීන්ට වැඩ කරන්න බැරි වෙනවා.. අදානි සමාගම යැව්වා චයිනා මර්චන් සමාගමත් ගියා. ජනාධිපතිතුමා හතර වතාවක් මාධ්‍ය සාකච්ඡා තියලා කිව්ව ලංකා ඉතිහාසයේ වැඩිම ලොකුම විදේශ ආයෝජකයා ලංකාවට ආවා ඔන්න හම්බන්තොට වරායේ තෙල් පිරි පහදුවක් දානවා කිවා ඩොලර් බිලියන හතරක. චීනෙට ගිහින් චීන ජනාධිපති එක්ක අත්සන් කරලා ආවේ දැන් කෝ තෙල් පිරිපහදුව කෝ ඩොලර් බිලියන හතර. අනිත් පැත්තෙන් ජපාන ආයෝජකයා වරා‍යේ කොටස් ටිකත් ඇතෑරලා යන්න ගියා. ඉන්න ආයෝජකයා බේර ගන්න මොකක්ද වැඩපිළිවෙළ.. අමාත්‍යවරු අමාත්‍යාංශ ගැන කතා කරන්න කලින් පහුගිය අවුරුද්දේ ඔබතුමාලගේ අමාත්‍යාංශයට වෙන් වුනු මුදල් වියදම් කරපු විදිහ කියන්න. දෙන සල්ලි ටික වියදම් කරන් නැතුව ඔබ කියනවා අපි වංචාව දූෂණය නවත්තලා භාණ්ඩාගාරේ බේරුවා කියනවා. භාණ්ඩාගාර පුරෝපු එකක් නෙමේ දෙන සල්ලිවලින් වැඩ කරල නෑ. රටේ මුදල් සංසරණය වෙන්නේ නෑ ඒක ආර්ථිකයට බලපානවා."   

සුව ඇමතිගෙන් මේ රාජ්‍ය නිලධාරීන්ට සුබ පණිවුඩයක් - ජනවාරි මාසයේ සිට මූලික වැටුප් වැඩිවීමක් සහ ජූලි මාසයේ සිට දීමනා වැඩිවීමක්

සුව ඇමතිගෙන් මේ රාජ්‍ය නිලධාරීන්ට සුබ පණිවුඩයක් - ජනවාරි මාසයේ සිට මූලික වැටුප් වැඩිවීමක් සහ ජූලි මාසයේ සිට දීමනා වැඩිවීමක්

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

LAUGFS ගෑස් මිල ඉහළ දැමීම ගැන සජිත් සහ කථානායක අතර පාර්ලිමේන්තුවේ උණුසුම් ගැටුමක් - ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතු කිරීමට විපක්ෂ නායකවරයා දැරූ උත්සාහයත් සමඟ සභාව ගිනියම් වෙයි

LAUGFS ගෑස් මිල ඉහළ දැමීම ගැන සජිත් සහ කථානායක අතර පාර්ලිමේන්තුවේ උණුසුම් ගැටුමක් - ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතු කිරීමට විපක්ෂ නායකවරයා දැරූ උත්සාහයත් සමඟ සභාව ගිනියම් වෙයි