අපි රැළිය තියන්නේ මේනිසයි මේ පාර නම් ආණ්ඩුවට බේරීමක් නෑ පුතේ - නාමල් කියයි
එළඹෙන නොවැම්බර් 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලිය, රජය ජනතාවට දුන් පොරොන්දු මතක් කිරීම අරමුණු කරගත් එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඊයේ(12) දින මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ විපක්ෂයේ විවිධ පක්ෂ රැසක් දැනටමත් මෙම සාකච්ඡාවලට එක්ව ඇති බවයි.
ස්වාමිනි,ඔහුට පැය හතරකට වරක් කෑම අත්‍යවශ්‍යයි ප්‍රෝටින් පවුඩර් සමග නැත්නම් කෝමා වෙනවා - ප්‍රසන්නට ඇප ගන්න කියපු දේ මෙන්න
එසේම අතීතයේදී සාකච්ඡා පැවතියේ පොදුජන පෙරමුණ තුළ පමණක් වූ අතර මේ වනවිට අප විපක්ෂයේ සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම එම රැලිය ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බල කිරීම අරමුණු කරගත් බවත්, රජයේ ප්‍රතිපත්ති නිසා බලපෑමට ලක්වූ බොහෝ දෙනාත් මෙම රැලියට එක්වනු ඇති බවත් නාමල් රාජපක්ෂ පැවසුවා.
එබැවින් ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ රැසක් රැලියට එක්වීමට එකඟ වී තිබෙන අතර, තවත් පක්ෂවල සහභාගීත්වය ඔවුන්ගේ අභ්‍යන්තර සාකච්ඡා නිමා වූ පසු තීරණය කරනු ඇති බවත්ය.