රිලව් වඳුරෝ ගණන් කරන්න නාමලුත් ලෑස්තියි
වන සතුන් පිළිබඳ ලබන සෙනසුරාදා (15) පැවැත්වෙන සංගණනයට සුබ පතන බවත් තමාගේ ගෙමිදුලෙහි සිටින සතුන්ද ගණන් කර ලැයිස්තුවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඊයේ(12) පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේ, විපක්ෂයේ සිටියදී ගොවි ජනතාව වෙනුවෙන් කළ සටන ආණ්ඩුව අදත් ගෙන යනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා;
“එළබෙන සෙනසුරාදට රිලව් වඳුරෝ දඬුලේනු හරියට ගණන් කරන්න. අපිත් ඒකට සුබ පතනවා. අපේ වත්තේ ඉන්න සතුනුත් ගණන් කරලා ලැයිස්තුවක් එවන්නම්”
“විපක්ෂයේ සිටියදී ගොවි ජනතාව වෙනුවෙන් කළ සටන ආණ්ඩුව අදත් ගෙන යනු ඇතැයි අප සිතනවා. ගොවිතැනට තාක්ෂණය බද්ධ කිරීම සම්බන්ධව යම් පසුබෑමක් සිදුවූ බව අපි පිළිගන්නවා. දැන් ඔබට ඒ සඳහා අවස්ථාව තිබෙනවා. ගොවියට හොඳක් වෙනවා නම් අපි ගොවියා අවුස්සල පාරට බහින්න පොළඹවන්නේ නැහැ. ඒ නිසා ගොවිතැනට තාක්ෂණය මුහු කරන්න කටයුතු කරන්න”
