නාමල්ගේ දේශපාලන ක්‍රීඩාව දැන් PUBG එකකටත් වඩා strategy - දහම්ටත් ආරාධනා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාට ඉදිරි දේශපාලන කටයුතුවලදී තමා සමඟ කටයුතු කරන ලෙස ආරාධනා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ශක්තිමත් ආකාරයකින් ගැනීම අරමුණ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම යෝජනාවට අනුමැතිය දීම හෝ ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් දහම් සිරිසේන මහතා තවමත් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව ද පැවසේ.
ඉදිරියේදී ඔහු මේ පිළිබඳව තීරණයක් ගනු ඇති බවටද වාර්තා වේ.
මේ අතර, පසුගියදා බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය ඉදිරිපිට පැවති රණවිරු අනුස්මරණ උත්සවයේදී නාමල් සහ දහම් එක්ව උපහාර දැක්වීම විශේෂත්වයකි.

