භාණ්ඩ කිහිපයකට පාලන මිලක්?..
Sri Lanka Politician
Sri Lanka Economic Crisis
Sri Lanka
Economy of Sri Lanka
Nalin Fernando
By krishani
උද්ධමනය පහළ ගිය ද ඇතැම් භාණ්ඩවල මිල අඩු නොවීමට පිළියමක් ලෙස ඉදිරි සති කිහිපය තුළ මිල පාලනය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට සිදුවනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේ ය.
ඒ ඊයේ (22) 'ස්ථාවර රටකට සැවොම එකමඟකට' මැයෙන් රජය මගින් පවත්වන මාධ්‍ය හමුවට එක්වෙමින් ය.
කෙසේවෙතත් ඉදිරි සති කිහිපය තුළ පාලන මිලත් ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදන ද ආ හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ අතර, ටයිල් හා සනීපාරක්ෂක ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පසුගියදා ආනයනය තහනම් කර තිබූ භාණ්ඩ කිහිපයක් යළි ආනයනයට අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණ ද ටයිල් ආනයනයට එමගින් අවසර ලබා දී නොමැති බවයි.