ආණ්ඩුව මල් පැල නෙමෙයි මේ වල්ගස් ගොංගස් ලාඩප්පා ගස්.. - නලින්දට මල පැනලා

Report

ආණ්ඩුව දිනෙන් දින වළල්ලට යෑමත්, මොවුහුට රට පාලනය කිරීමට නොහැකි බවත් පැහැදිලිව පෙනෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

පසුගිය වසරේ මල්පැල් 159ක් ලෙස පැවති පිරිස දැන් වැඩකට නැති වල්ගස්, ගොංගස්, ලාඩප්ප ගස් සහ කටුපඳුරු බවට වැඩී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

වත්මාන කැබිනට් මණ්ඩලය දැක්මක් හෝ හැකියාවක් නොමැති වැඩබැරි කණ්ඩායමක් වීම නිසා කැබිනට් සංශෝධනයක් සිදුකර එම 159 අතරින් රට ඉදිරියට ගෙනයා හැකි වැඩදායී එක පැළයක් තිබේදැයි සොයා බැලීමට ජනාධිපතිවරයාට ඉල්ලීමක් කරන බව ද නලීන් බණ්ඩාර මහතා අවධාරණය කරයි.

මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.