ශිෂ්ණයට නයි මිරිස් තලලා දිය කරලා ගහලා.. අදහගන්නත් බැරි ඒ සිද්ධියට.. දුන්න නියෝගය මෙන්න..

Report

තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ශිෂ්ණයට නයි මිරිස් දියකර වත් කිරීමේ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

එම සිද්ධියට අදාළව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්ස⁣මේ 12 වැනි වගඋත්තරකාර නීතිපති වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

දිවයින පුරාම ද?. පාසල් වලට නිවාඩු ලබා දීම ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..

දිවයින පුරාම ද?. පාසල් වලට නිවාඩු ලබා දීම ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..


මෙය ඉතා බරලතළ සිද්ධියක් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙලෙස සඳහන් කළේ එම සිද්ධියේ වින්දිත රුවන් ශාන්ත ප්‍රියදර්ශන විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද (14) යසන්ත කෝදාගොඩ සහ කුමුදුණී වික්‍රමසිංහ යන ශ්‍රෙෂ්ඨාධ්කරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී ය.

මාලිමාව සමගින් ප්‍රබල දේශපාලන පක්ෂයක් එක් වෙනවා කියලා.. කවුරුත් නොකියපු පුදුම හිතෙන කතාවක් ජනපති අනුරගෙන්..

මාලිමාව සමගින් ප්‍රබල දේශපාලන පක්ෂයක් එක් වෙනවා කියලා.. කවුරුත් නොකියපු පුදුම හිතෙන කතාවක් ජනපති අනුරගෙන්..


නීතිපතිවරයාට අමතරව පොලිස්පතිවරයා, තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තවත් 11 දෙනෙක් එහි වගඋත්තරකරුවන ලෙස නම්කර තිබෙනවා.

තෙල්දෙණිය පොලිසිය විසින් 2023 ජනවාරි 27 වානිදා මෙම වින්දිතයා අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රඳවා තබා ගනිමින් වදහිංසා කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ විමර්ශනයේ දී තහවුරු වූ බව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වේ.

පොලිසිය හා හමුදාව යොදවා ආරක්ෂාව තර කරන්න තීරණයක්.. දින 03ක විශේෂ නිවාඩුකුත් ප්‍රකාශයට..

පොලිසිය හා හමුදාව යොදවා ආරක්ෂාව තර කරන්න තීරණයක්.. දින 03ක විශේෂ නිවාඩුකුත් ප්‍රකාශයට..


ඒ, අනුව පොලිස්පතිවරයා ඇතුළු සෙසු වගඋත්තරකරුවන්ට නොතීසි යොමු කරන ලෙස අධිකරණය පෙත්සම්කරුට අද නියෝග කළේ ය.

ප්‍රධාන නගරයක දී දේශපාලඥයෙක්ට වෙඩි තියලා.. බොලිවුඩ් තරු එක්කත් සමීප සබඳතා පවත්වලා.. කවුරුත් නොහිතපු දෙයක් වෙලා මෙන්න..(PHOTOS)

ප්‍රධාන නගරයක දී දේශපාලඥයෙක්ට වෙඩි තියලා.. බොලිවුඩ් තරු එක්කත් සමීප සබඳතා පවත්වලා.. කවුරුත් නොහිතපු දෙයක් වෙලා මෙන්න..(PHOTOS)


වින්දිත රුවන් ශාන්ත ප්‍රියදර්ශන වෙනුවෙන් නීතිඥ මනුෂිකා කු⁣⁣රේ මහත්මිය සහ නීතිඥ මාධව ඊරියගම සමඟ නීතිඥ සුරෙන් ඩී පෙරේරා මහතා පෙනී සිටියේ ය.

කෙසේ වෙතත්, පෙත්සම දෙසැම්බර් 19 වැනිදා යළි කැඳවීමට නියම කෙරුණේ ය.