MV INTEGRITY STAR වෙළෙඳ නෞකාව හම්බන්තොට වරායට [UPDATE]

Report

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100ක් පමණ දුරින් ගැඹුරු මුහුදේදී ප්‍රධාන යන්ත්‍ර අක්‍රීය වීමෙන් ආපදාවට පත්ව ජීවිත අවදානමට ලක්ව සිටි MV INTEGRITY STAR වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළ සාර්ථක මුදාගැනීමේ මෙහෙයුමකින් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිව ඇත.

මෙම කාර්ය මණ්ඩලය අද (26) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළ බව එහි මාධ්‍ය අංශය පවසයි.

ආපදාවට පත් වෙළෙඳ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදා ගැනේ

ආපදාවට පත් වෙළෙඳ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදා ගැනේ

මෙම MV INTEGRITY STAR වෙළෙඳ නෞකාවේ යන්ත්‍ර අක්‍රීය වීමෙන් එය ගැඹුරු මුහුදේ ආපදාවකට ලක්ව ඇති බවට කොළඹ, නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලැබුණු තොරතුරකට අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ SLNS සමුදුර නෞකාව මෙම මුදාගැනීමේ මෙහෙයුම සඳහා යොදවනු ලැබීය.

එහිදී, ආපදාවට පත් නෞකාවේ සිටි ඉන්දියානු, තුර්කි සහ අසර්බයිජාන් ජාතිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය SLNS සමුදුර නෞකාව මඟින් ආරක්ෂිතව මුදාගෙන හම්බන්තොට වරායට රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.

හිටපු ඇමති විජයදාසට කෝටි 130ක් වන්දි ගෙවන්න බැරිව ලේක් හවුස් හිරවෙලා

හිටපු ඇමති විජයදාසට කෝටි 130ක් වන්දි ගෙවන්න බැරිව ලේක් හවුස් හිරවෙලා

එමෙන්ම, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණය යටතේ, ආපදාවට පත් MV INTEGRITY STAR නෞකාවට සහාය වීම සඳහා MV MORNING GLORY වෙළෙඳ නෞකාව එම මුහුදු ප්‍රදේශයේ සූදානමින් රැඳී සිටින බවද නාවික හමුදාව පවසයි.

දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මුතීන්ට අනුව, මුහුදේදී ආපදාවට පත් නෞකා සහ යාත්‍රාවල නාවික හා ධීවර ප්‍රජාවගේ ජීවිත බේරා ගැනීමට බැඳී ඇත. මේ අනුව, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් කලාපය තුළ මෙන්ම යාබද ජාත්‍යන්තර මුහුදු කලාපවලදී ආපදාවට පත්වන පිරිස්වලට අවශ්‍ය සහන සැපයීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී.

මෙම මෙහෙයුම ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යක්ෂමතාව සහ ජාත්‍යන්තර සමුද්‍රීය ආපදා කළමනාකරණයේදී එහි කැපවීම පිළිබිඹු කරන සාර්ථක උදාහරණයකි. 

මුස්ලිම් හෙදියන්ට ඇඳුම අඳින්න එපා කිව්වොත් අපිට කියන්න විජිත කියයි - ඇඳුම ඇන්දොත් වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නවා හෙද සංගමය කියයි

මුස්ලිම් හෙදියන්ට ඇඳුම අඳින්න එපා කිව්වොත් අපිට කියන්න විජිත කියයි - ඇඳුම ඇන්දොත් වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නවා හෙද සංගමය කියයි