මුස්ලිම් හෙදියන්ට ඇඳුම අඳින්න එපා කිව්වොත් අපිට කියන්න විජිත කියයි - ඇඳුම ඇන්දොත් වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නවා හෙද සංගමය කියයි
පසුගිය කාල සීමාවේදී මුස්ලිම් හෙදියන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන් විවිධ අදහස් පලවිය. ඒ අනුව මුස්ලිම් හෙදියන්ට නිල ඇඳුම වෙනුවට තමන්ට හුරු සංස්කෘතික ඇඳුම ඇඳ පැළඳගෙන සේවය කිරීමට අවසර ලබාදෙන බවට ආණ්ඩුව සඳහන් කළේය.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අදහස් කීපයක් ඉදිරිපත් කර තිබුණි.
ඔහු සඳහන් කරන ආකාරයට මේ වන විටත් චක්රලේකයේ මේ නිල ඇඳුම වෙනස්වීම සම්බන්ධයෙන් සඳහන් කර තිබෙන අතර නීතියෙන් එලෙස ඔවුන් රාජකාරිය කරන අතරතුර සංස්කෘතිය ආරක්ෂාව වන ලෙස ඇඳුම් ඇඳීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට දැනුම් දී තිබේ.
ඒ අනුව කිසියම් පුද්ගලයෙකු එයට විරුද්ධ වුවහොත් වහාම ඔවුන්ව දැනුවත් කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්විය. නමුත් එක්සත් හෙද සංගමයේ සභාපති වශයෙන් කටයුතු කරන මුර්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඊට හාත්පසින්ම විරුද්ධ අදහසක් පළ කර තිබේ.
උන්වහන්සේ සඳහන් කරන ආකාරයට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හෙද නිල ඇඳුම එසේ වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු නොකළ යුතු බව ප්‍රකාශ කරයි.
රටේ මේ තරම් ප්‍රශ්න තිබෙන වකවානුවක මෙවැනි දේකට අවධානය යොමු කර නැති ප්‍රශ්න මතු නොකර ගන්නා ලෙසත් උන්වහන්සේ සඳහන් කර තිබේ.
එමෙන්ම කිසියම් හෝ අවස්ථාවක නිල ඇඳුම වෙනස් කළොත් ඔවුන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට යාමට සූදානම් බවත් සඳහන් කළේය.