"මම පුංචි දරුවන් වඩා ගන්න හරිම බයයි"..උතුම් මව් පදවිය ලැබූ සුරූපී නිළි මුතු තරංගා සංවේදී වෙයි..(PHOTOS)

star actress pregnancy gossip Muthu Tharanga
By Sewvandhi Feb 07, 2022 04:23 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මුතු තරංගා කියලා කියන්නේ කාලයක් පුංචි තිරයේ අහිංසකාවිය බවට පත් වුණු අපූරු ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය දක්ෂ ගායන ශිල්පිනියක් බව රූපවාහිනී තිරයේ නිරන්තරයෙන් සහභාගී වන රූපවාහිනී වැඩසටහන් ඔස්සේ මනාව පැහැදිලි වෙනවා. කොහොම නමුත් ඇය ක්ෂේත්‍රය ඇතුළෙ වගේම සමාජයේ කතාබහට ලක්වුණු කාරණාවක් බවට පත්වෙන්නේ ඇයගේ මව් පදවිය ලැබීම.

මුතුගේ සම්පූර්ණ නම තමයි මුතු තරංගා ශ්‍රී නිලුපුලි පීරිස්. ඉතින් ඇය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ විලාසිතා නිරූපිකාවක් ද වනවා. නර්තනයටත් උපන් හපන් දස්කම් පෙන්වූ ඇය චන්න සහ උපුලී නැටුම් ඇකඩමියෙන් නර්තනය හදාරනවා. එවගේම වසුදා කියන මෙගා ටෙලි නාට්‍යයෙන් රංගනයට පැමිණි ඇය මේ වන විට ලංකාවම ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් බවට පත් වෙලා තිබෙනවා.

ඉතින් ඇගේ දරු උපතත් සමඟ ඇය පිළිබඳව කතාබහ කරන්නට ආරම්භ වෙනවා. ඉතින් ඇගේ පුංචි පුතාගේ නම තමයි තියෝන් ජයවර්ධන. ඉතින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ දෙනකුගේ ආදරයක් වගේම සුභ පැතුම් ප්‍රමාණයකුත් ඇයට මේ වන විට ලැබෙනවා.

ඉතින් ඇය පුවත්පත් සාකච්ඡාවක් සමග සම්බන්ධ වෙලා ඇගේ මව් පදවිය පිළිබඳව සඳහනක් ඉදිරිපත් කර තිබුණා. ඇය කියන විදිහට ඇයට දරුවා ලැබෙන්නට පෙර කාලයේදී පුංචි දරුවෙකු වඩා ගන්නටත් හරිම බයයි කියල තමයි සඳහන් කර තිබෙන්නේ. නමුත් දැන් තියෝන් පුංචි බබාව බොහෝම ආදරයෙන් පරිස්සම්න් ඔහුව රැකබලා ගන්නවා කියන එක මෙහි සඳහන් කරලා තිබුනා.

කොහොම වුණත් පුංචි පුතු තියෝන් සමග ජනප්‍රිය රංගන ශිල්පිනී මුතු තරංගා දැන් බොහොම අපූරු ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒ වගේම අපි අවසාන වශයෙන් ඇයටත් පුංචි පුතාටත් වගේම ආදරණීය සැමියාටත් බොහොම ආදරයෙන් සුබපැතුම් එකතු කරනවා ඔවුන්ගේ ජීවිත ගමන බොහොම අපූරුවට කරගෙන යන්නට කියලා.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha