21 හැවිරිදි පාපන්දු ක්‍රීඩකයා අවාසනාවන්ත ලෙස පිටියේදීම මියයයි - (VIDEO)
By Sewvandhi
අයිවරි කෝස්ට්හි පාපන්දු තරගයක් අතරතුර හෘදයා බාධයකට ලක්වීමෙන් ක්‍රීඩකයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.
පසුගිය දා, අබිඩ්ජාන් ප්‍රදේශයේ පැවති පාපන්දු තරගයක් අතරතුර එලෙස මියගොස් ඇත්තේ මුස්තෆා සිල්ලා නැමැති 21 හැවිරිදි ක්‍රීඩකයෙකු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
තරගය අතරතුර හදිසියේ ඇදවැටුණු ක්‍රීඩකයාව කඩිනමින් රෝහල්ගත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණ ද ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව සඳහන් වේ.
කෙසේවෙතත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වාගැනීම සඳහා ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කළයුතු බව ප්‍රවීණ ක්‍රීඩකයෝ පෙන්වා දෙති.
ගතවු වසර 04 තුළ අයිවරි කෝස්ට්හි පාපන්දු ක්‍රීඩකයින් තිදෙනෙකු හදිසි හෘදයා බාධවලට ලක්වීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |