සංගීත සංදර්ශන සඳහා නව කාල සටහනක් ප්‍රකාශයට පත් කෙරේ..සංශෝධිත නව වෙලාවන් මෙන්න.

Police spokesman Sri Lanka Police Sri Lanka Politician Sri Lanka Harin Fernando
By Aruna Jun 21, 2023 01:16 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයකට අනුව සංගීත සංදර්ශන අවසන් කිරීමට අදාළ කාල සීමාව සංශෝධනය කර තිබෙනවා.

මූලික අයිතිවාසිකම් නඩුවක් සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ නියෝගයට අනුව කාල සීමාව වෙනස් කර ඇති බවයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, රාත්‍රී 10.00 ට සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ මුල් කාලය දීර්ඝ කර ඇති බවයි.

සංශෝධිත කාල සීමාව පහත පරිදි බව ඔහු පැවසීය.

* සිකුරාදා සහ සෙනසුරාදා - පෙ.ව. 1.00


* ඉරිදා - 12.30 AM

කෙසේ වෙතත්, එම ස්ථානය / සංගීත සංදර්ශන සහ රෝහල් සහ ආගමික ස්ථාන අතර සාධාරණ දුරස්ථභාවයක් පවත්වා ගත යුතු බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.