රටම කැළඹූ භෞත චිකිත්සකවරියගේ ඝාතනයේ සැකකරු, බිරිඳ සහ දරුවා නුවරඑළිය පොලිසිය වෙත - භෞත චිකිත්සකවරිගේ පවුලේ ඥාතීනුත් රැස් වෙයි

Report

වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් භෞත චිකිත්සකවරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු, බිරිඳ සහ දරුවා ඊයේ (24) රාත්‍රියේ දී නුවරඑළිය පොලිසිය වෙත භාර දී ඇත.

ඒ අනුව අඳාළ සැකකරු, බිරිද සහ දරුවා සමඟ වෙස්වලාගෙන වැල්ලවත්තේ සිට යාපනය දක්වා පෞද්ගලික බස් රථයකින් ගමන් කරමින් සිටියදීයි චාවාකච්චෙරි කයිතඩි ප්‍රදේශයේදි මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණා.

එසේම සැකකරුට ඝාතනය කළ භෞත චිකිත්සකවරියගේ සිරුර සැඟවීමට සහ ඔහුට නවාතැන් පහසුකම් ලබා දුන් ඔහුගේ මිතුරෙකු වන කුන්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු නුවරඑළිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් මඟින් කුණ්ඩසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

භෞතචිකිත්සකවරියගේ සැකකාර පෙම්වතාගෙන් ඇස් මවිත කරවන පාපොච්චාරණයක් - දමිල බව අගවන්න දෙමළත් ඉගෙනගෙන

භෞතචිකිත්සකවරියගේ සැකකාර පෙම්වතාගෙන් ඇස් මවිත කරවන පාපොච්චාරණයක් - දමිල බව අගවන්න දෙමළත් ඉගෙනගෙන

ඒ අනුව නුවරඑළිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරී චන්දන බස්නායක මහතා ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (25) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරන බවයි.

මේ අතර සැකකරු නුවරඑළිය පොලිසියට රැගෙන එන අවස්ථාවේ ඝාතනයට ලක් වූ භෞත චිකිත්සකවරිගේ පවුලේ ඥාතීන් පිරිසක්ද පැමිණ ඇත.

එසේම සිරුර ප්‍රවාහනය සඳහා යෙදා ගත් මෝටර් රථය සහ සැකකරු රැගෙන යාමට භාවිතා කළ යතුරුපැදියද පොලිසිය භාරයට ගෙන ඇත.

රටම කළඹපු තෙල්දෙණිය අභිරහස ගැන අයියා කියන ආන්දෝලනාත්මක කතාව

රටම කළඹපු තෙල්දෙණිය අභිරහස ගැන අයියා කියන ආන්දෝලනාත්මක කතාව

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි