යාපනයෙන් ඇල්ලූ යාත්‍රාවේ අයිස් සහ හෙරොයින් කිලෝ 81ක්
අද (27) අලුයම යාපනය, මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් යාත්‍රාව තුළ තිබී කිලෝග්‍රෑම් 81ක පමණ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව තහවුරු කරයි.
යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකළ විද්‍යාත්මක පරීක්ෂණවලදී, අදාළ යාත්‍රාවේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45.5ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35.7ක් මෙලෙස හඳුනාගෙන තිබේ.
උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘අග්බෝ’ ආයතනයේ කාර්ය මණ්ඩලය එක්ව සිදුකළ මෙම මෙහෙයුමේදී, ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු සහ ප්‍රවාහනයට යොදාගත් යාත්‍රාව ද අත්අඩංගුවට ගැණුණි.
නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.