නල්ලූර්හි තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඉවත් කරයි

Report

යාපනය, නල්ලූර් ප්‍රදේශයේ ඉදිකර තිබූ තිලීපන්ගේ ස්මාරකය පොලිසිය විසින් එම ස්ථානයෙන් ඉවත් කර රැගෙන ගොස් තිබේ. තිලීපන්ගේ අවසන් දින සැමරුම ඊයේ (26) පැවැත්වීමෙන් අනතුරුව මෙම පිළිරුව පොලිසිය විසින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

පූර්ව දැනුම්දීමකින් තොරව පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට වැඩි පිරිසක් එම ස්ථානයට පැමිණ පිළිරුව ඉවත් කර රැගෙන ගිය බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා ප්‍රකාශ කර තිබේ. පොලිස් නිලධාරීන් පාවහන් පැළඳ එම ස්ථානයට ඇතුළු වී බලහත්කාරයෙන් පිළිරුව රැගෙන ගිය බවද ඔහු චෝදනා කර ඇත.

''අයහපත් කාලගුණයෙන් මරණ සහ බලපෑමට ලක්වූවන් වාර්තා වෙයි'' - බලපෑමට ලක්වූ පළාත් සහ ප්‍රදේශ මෙන්න

''අයහපත් කාලගුණයෙන් මරණ සහ බලපෑමට ලක්වූවන් වාර්තා වෙයි'' - බලපෑමට ලක්වූ පළාත් සහ ප්‍රදේශ මෙන්න

මේ ප්‍රදේශවලට නායයෑමේ අනතුරු ඇඟවීම් අද පස්වරු 4 දක්වා දීර්ඝ කෙරෙයි

මේ ප්‍රදේශවලට නායයෑමේ අනතුරු ඇඟවීම් අද පස්වරු 4 දක්වා දීර්ඝ කෙරෙයි