අතුරුදන් වූ තරුණයින්ගේ ඝාතනය ගැන ඇසින් දුටු සාක්ෂි ඇතුළු තොරතුරු රැසක් එළියට.(VIDEO)
මාවනැල්ල ප්‍රදේශයේ අතුරුදන්වූ බවට වාර්තාවී තිබූ තරුණයින් දෙදෙනා අතරින් අනෙක් තරුණයාගේ මළසිරුර ද ඊයේ (13) සොයා ගැනුණා.
එක් මළසිරුරක් වළදමා තිබියදී පෙරේදා දිනයේ සොයාගණු ලැබුවේ, රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ නිවස පසුපසම වළදමා තිබියදීයි.
මාවනැල්ල කිරිංගදෙණිය හා කෙරමිණියවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් 19 හා 25 යන දෙදින තුළ අතුරුදන්වී ඇති බවට මාවනැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
එලෙස අතුරුදන්වී තිබුණේ 26 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් සහ මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෂාඩ් නම් 28 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.
මේ අතර කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පුද්ගලයෙකුගෙන් තොරතුරක් ලැබී ඇත්තේ රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන හුරීමළුවේ ෆර්හාන් නමැත්තාගේ නිවස තුළ තරුණයින් දෙදෙනෙකු ඝාතනය කරන අයුරු තමා දුටු බවටයි.
සිද්ධිය ඇසින් දුටු පුද්ගලයා පවසා තිබුණේ මෙවැන්නක්,
ඔහුට ද එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පහරදී ඝාතනය කිරීමට උත්සාහ කළ ද තමන් ඉන් මිදී පළා බවත්, තමන්ට පහරදෙන අතරතුර එම තරුණයින් දෙදෙනා එම නිවසේ කාමරයක සිරකොට අමානුෂික ලෙස තියුණු ආයුධවලින් පහරදුන් බවත් ඉන් ඇතිවූ තුවාලවලට ලුණු හා විෂබීජ නාශක දියර දමන අයුරු ද තමන් දුටු බවත්ය.
පසුව 26 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් නම් අනෙක් තරුණයා පළමුව මියගිය බවත් ඔහු නිවසේ පසුපස ස්ථානයක වළදැමුණු බවත්, පසුව මියගිය 28 හැවිරිදි තරුණයා ද එම ස්ථානයට යාබදව වළදැමුණු බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
මේ පිළිබඳ කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා අප්සරා අබේගුණසේකර මහත්මිය වැඩිදුර විමර්ශන සිදුකර වැදගත් තොරතුරු රැසක් හෙළිකරගෙන තිබුණා.
ඒ, අනුව මොවුන් ද මින් පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කර ඇති බවට සොයාගෙන තිබෙනවා.
එමෙන්ම මියගිය දෙදෙනාගෙන් 28 හැවිරිදි තරුණයාගේ සහෝදරයා හුරීමළුවේ ෆර්හාන් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් මත්ද්‍රව්‍ය ලබාගෙන ඊට මුදල් ලබානොදීම නිසා මෙම තරුණයා සහ ජාවාරම්කරු අතර බහින්බස්වීමක් සිදුවී ඇති අතර එම නිසා ඔහු ඝාතනය කර ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |