සිංදු වෙනුවට රෑට පිරිත් දාන්න කිව්වා කියලා කරපු අපරාධයක තරම..(PHOTOS)
රත්නපුර, ගිලීමලේ ප්‍රදේශයේ පතලක සේවය කළ සේවකයින් දෙදෙනක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙක් මියගොස් තිබෙනවා.
කුළු ගෙඩියකින් සහ යකඩ ඉන්නකින් පහර දී ඊයේ (10) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
88-89 අපරාධ විමර්ශනය කර විජේවීර ඇතුළු මියගිය ජනතා විමුක්ති පෙරමුණේ විරුවන්ගේ ජීවිතවලට යුක්තියක් දෙන්න..
පතල් සේවකයින් තිදෙනෙක් ඊයේ (10) රාත්‍රියේ වාඩියේ නිදාගෙන සිටි අවස්ථාවේ එක සේවකයෙක් එහි තිබූ ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කර ගීත ඇසීම ආරම්භ කර තිබෙනවා.
එහිදී තවත් සේවකයෙක් ඊට විරෝධය පළකරමින් පවසා ඇත්තේ ගුවන් විදුලියේ පිරිත් ශ්‍රවණ වන ලෙසට නාලිකාව මාරු කරන ලෙසටයි.
එහිදී පුද්ගලන් දෙදෙනා අතර අතර බහින්බස්වීමක් හටගෙන ඇති අතර, පසුව පිරිත් ශ්රවණවන ලෙසට නාලිකාව මාරු කරන ලෙස පැවසූ පුද්ගලයාට අනෙක් පුද්ගලයා විසින් කුළු ගෙඩියකින් සහ යකඩ ඉන්නකින් පහර දී වාඩිය තුළ දී ඝාතනය කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගිලීමලේ ප්‍රදේශයේ ම පදිංචි රවින්ද්‍ර අබේනාත් නමැති 52 හැවිදි පුද්ගලයෙක්.
සිද්ධියෙන් පසු අපරාධය සිදුකළ පතල් සේවකයා පළා යෑමට උත්සාහ කිරීමේ දී ඔහු අල්ලා පොලිසියට භාරදී තිබෙනවා. මේ පිළිබඳව රත්නපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.