දරුවා පාසලට රැගෙන යද්දි අම්මට අත්වූ අවාසනාවන්ත ඉරණම..

Police spokesman Sri Lanka Police Death Murder
By Aruna Sep 13, 2024 05:54 AM GMT
Aruna

Aruna

Report

තම දරුවා උදෑසන පාසලට රැගෙන යමින් සිටි බිරිඳව සැමියා විසින් කැත්තකින් පහරදී ඝාතනය කර තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

අද (13) උදෑසන මාතර දෙයියන්දර අතපත්තුකන්ද මංසන්ධිය අසලදී මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 42 හැවිරිදි දෙයියන්දර, පරපාමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු මවක්.

තෙල් මිල යළි පහළ යයි.. නව ජනපතිටත් විශේෂ වාසියක්..අලුත් මිල ගණන් මෙන්න..

තෙල් මිල යළි පහළ යයි.. නව ජනපතිටත් විශේෂ වාසියක්..අලුත් මිල ගණන් මෙන්න..


පොලීසිය පවසන්නේ, පසුගිය 11 වනදා ඇය සිය දරුවා පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කළ ඇති අතර, සිය දරුවා අද (13) උදෑසන පාසලට රැගෙන යමින් සිටියදී සැමියා මාර්ගයේ සැඟව සිට කැත්තකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

ඝාතනය වූ බිරිඳ සහ සැමියා අතර ඇතිවූ අමනාපයක් හේතුවෙන් ඇය සිය මවගේ නිවසේ සිට ඇති අතර, පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

ජනපති රනිල්ට රෝස මලක් දුන් සුරූපී තරුණිය අහපු දේ..(PHOTO)

ජනපති රනිල්ට රෝස මලක් දුන් සුරූපී තරුණිය අහපු දේ..(PHOTO)


ඝාතනය සිදු කළ සැකකරු හඳුගල ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකු වන බවත්, මේ වන තෙක් සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති බවයි දෙයියන්දර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කර ඇත්තේ.