අනියම් සැමියාගේ නිවසේ සිටියදී ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිණියක් ඝාතනය කරයි..

Sri Lanka Police Death Murder
By Aruna Apr 02, 2024 03:45 AM GMT
Aruna

Aruna

Report

ජාතික ජන බලවේගයේ තෙල්දෙණිය කාන්තා බල මණ්ඩලයේ ප්‍රබල ක්‍රියාකාරිණියක් ඝාතනය කර තිබෙන පුවතක් වාර්තා වනවා.

ඇගේ අනියම් සැමියා බව කියන ද්විත්ව පුරවැසිභාවයක් හිමි 50 හැවිරිදි අයෙක්, ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඝාතනයට ලක් වී ඇති කාන්තාව කුණ්ඩසාලේ පදිංචි තැනැත්තියක් වනවා.

පසුගිය 24 වැනිදා ඇය රාත්‍රී කාලයේ කුණ්ඩසාලේ නාර්න්ද්‍රසිංහ මාවතේ සිය අනියම් සැමියාගේ නිවසේ රැදී සිට ඇති අතර පසුව වැටී තුවාල වූ බව පවසමින් මොහු ඇයව මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

පොලිසිය සඳහන්කර සිටියේ, එහිදී ඇය ජීවිතක්ෂයට පත් වී ඇති බවටයි .

කෙසේ වෙතත් තුවාල සම්බන්ධයෙන් ඇතිවුණු සැකයක් මත රෝහලින් ඒ බව පොලීසිය දැනුවත් කර ඇති අතර ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොට ආයුධයකින් පහරදී ඇයව ඝාතනය කර ඇති බවයි පැවසෙන්නේ.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරු තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ReeCha