එක ශ්‍රේණියේ ඉංග්‍රීසී මොඩියුලයෙත් ලොකු අවුලක් මාට්ටු - විශේෂ හෙළිදරව්වක්

Report

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විටින් විට සමාජයේ බොහෝ දෙනා විවිධ අදහස් පළ කරනු ලැබුවා.

ඒ අනුව හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලේ අන්තර්ගත වූවා යැයි සඳහන් අසැබි වෙබ් අඩවිය හේතුවෙන් හය වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ වන විට ප්‍රමාද කර තිබේ.

මෙරට මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයට ධීවර අමාත්‍ය චන්ද්‍රසේකර්ගේ දැඩි විරෝධය

මෙරට මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයට ධීවර අමාත්‍ය චන්ද්‍රසේකර්ගේ දැඩි විරෝධය

එක වසර දරුවන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ඉගෙනීමට අවස්ථාව ලැබී ඇත. නමුත් එක වසර අධ්‍යාපන ක්‍රමවේදය යටතේද වැරදි රැසක් අනාවරණය වෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එහිදී  වැඩිදුරටත් අදහස් දැක්වූූ එතුමා

"අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ ලෙසින්ම වහාම ක්‍රියාත්මක කරන්න කියලා රට පුරා පැවැත්වෙන උද්ඝෝෂණ මේ දිනවල දිනපතා පැවැත්වෙනවා. ඒ අතරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනෑ ඇයි කියලා ආණ්ඩුවෙන් රට පුරා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වෙනවා. මහ පාරේත් සම්මන්ත්‍රණ වලත් ඇහෙන දේවල් වලින් අපට පේන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන අයට ඒ ගැන මෙලෝ හසරක අවබෝධයක් නෑ කියලයි.

උද්ඝෝෂකයෝ කියන්නේ එක විෂයක එක මොඩියුලයක තිබුණු එකම එක වැරැද්දක් නිසා ප්‍රතිසංස්කරණ වසරකට කල් දැමීම වැරදියි කියලා. ඇත්තෙන්ම මේක වැරදි මතයක්. ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල අඩුපාඩු 147ක් හඳුනා ගෙන තිබෙනවා. ඒ අතරේ විද්වතුන්, දේශපාලකයින් සහ සමාජ ක්‍රියාකාරින් දිනපතා මේවායේ තිබෙන අඩුපාඩු පෙන්වනවා. ඒ පෙන්වන අඩුපාඩු වෘත්තීය සමිති කියන අඩුපාඩු 147 තුල තිබෙනවා ද කියා අපි දන්නේ නෑ.

ඒවා ගුරු වෘත්තීය සමිති කියන අඩුපාඩු 147 තුල නැතිනම් අඩුපාඩු ගණන 160ත් ඉක්මවනවා. අඩුපාඩුවකට තිබුණේ හයේ ඉංග්‍රිසි මොඩියුලයේ තිබුණු අසැබි වෙබ් සබැඳිය විතරයි කියන මතය සමාජ ගත කරන්න පාර්ලිමේන්තුවේ විපක්ෂයත් දායක වුණා කියන එක කණගාටුවෙන් වුණත් කියන්න ඕනි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් තිබුණා.

දරුවෝ බලාගන්න කාන්තාව නිරුවත් කරලා වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක්ට ඇප

දරුවෝ බලාගන්න කාන්තාව නිරුවත් කරලා වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක්ට ඇප

මුළු විපක්ෂයම කතා කලේ ඇසැබි වෙබ් අඩවිය ගැන විතරයි. දැන් මාසයක් පුරා අසැබි වෙබ් අඩවිය ගැන සමාජගත වෙලා ඉවරයි. අසැබිකරණය ගැන නැවත නැවත කියන්න දෙයක් නෑ. ගුරු වෘත්තීය සමිති වලින් තිබෙන අඩුපාඩු 147න් 50ක් ඉල්ලා ගෙන විවාදයේ කථිකයින් අතර බෙදාගෙන කතා කලා නම් අර උද්ඝෝෂකයෝ තමන්ගේ දරුවන්ට දෙන්න කියලා තමන් ඉල්ලන්නේ මෙතරම් අඩුපාඩු තිබෙන එකක් ද කියලා ලැජ්ජාවටත් බියටත් පත් වෙනවා. නමුත් ඒ විවාදය පැවැත්වුණේ උද්ඝෝෂකයින්ගේ මතය සාධාරණ වෙන විධියටයි.

විවාදය අවසානයේ ජනතාවට හිතුනේ අසැබි වෙබ් අඩවිය තිබෙන කොලය ගැලෙව්ව නිසා දැන් ප්‍රශ්නය විසඳිලා කියලා. ජනාධිපතිතුමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දමන කොට කිව්වේ පාඩම් ඒකක අඩුපාඩු, අසම්පූර්ණ ගුරු පුහුණුව සහ තාක්ෂණික දෝෂ කියන කාරණා නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගත්තා කියලා. එතකොට ආණ්ඩුවෙන් කරගෙන යන සම්මන්ත්‍රණ වල දී තිබුණු අඩුපාඩුව සැකසුවා. දැන් ප්‍රශ්නයක් නෑ කියන එකෙන් පහර දෙන්නේ ජනාධිපතිතුමාට නේද? දැන් හයේ පන්තියේ අළුත් විෂයමාලා අකුලා ගත්තත් එකේ පන්තියේ විෂයමාලා දරුවන්ට දීලා තිබෙනවා.

ඒවායේ අඩුපාඩු වලින්ම පිරිලා. පහේ පන්තියේ දරුවෙකුට වුණත් කෝවිලයි මුස්ලිම් පල්ලියයි වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. නමුත් එකේ පන්තියේ ඉංග්‍රිසි මොඩියුලයක කෝවිලක් මුස්ලිම් පල්ලියක් ලෙසත් මුස්ලිම් පල්ලිය කෝවිලක් ලෙසත් නම් කරලා. ඒ කියන්නේ එකේ පන්තියට පාඩම් ඒකක හදන්නේ පහේ පන්තියවත් සමත් අය නොවෙයි ද? ඒ වගේම මොන්ටිසෝරි දරුවෙකුට වුණත් ආච්චිගේ ඡායාරූපය ආච්චි කියලාත් සීයාගේ ඡායාරූපය සීයා කියලත් හඳුනා ගන්න පුළුවන්. ඒ දෙක මාරු වෙනවා කියන්නේ නව පාඩම් ඒකක හදන්න දාලා තිබෙන්නේ මොන්ටිසෝරිවත් ගිය නැති පිරිසක් කියන එකයි. සෑම විෂයක් සඳහාම හැදෙන පාඩම් ඒකක ස්ථාන 12කින් පරික්ෂාවට ලක් වුණා කියලා ආණ්ඩුව කියනවා.

රතිදු සේනාරත්නට හෙවත් රැට්ටට වරෙන්තු - හේතුව මෙන්න

රතිදු සේනාරත්නට හෙවත් රැට්ටට වරෙන්තු - හේතුව මෙන්න

දොලොස්වතාවක් පරික්ෂා කරලත් මේ වගේ සරල අඩුපාඩු හඳුනා ගන්න බැරි නම් ඉහළ පන්තිවල බරපතල පාඩම් ඒකක හදන්න මේ ආණ්ඩුවට පුළුවන් ද කියන සාධාරණ සැකය ඇති වෙනවා. ආණ්ඩුවේ සම්මන්ත්‍රණයක දේශිකාවක් කිව්වා, අපි පාසල් යන කාලයේ ඉගැන්නුවේ පෘථිවිය හිරු වටා යනවා කියලා. අපිට ඉගැන්නුවේ නැගෙනහිරින් හිරු පායනවා කියලා. අපේ දරුවන්ටත් ඒකම උගන්වන නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා.

එතුමිය හිතා ගෙන ඉන්නේ මාලිමා ආණ්ඩුව ආව නිසා ඉර දැන් පායන්නේ බටහිරින් කියලා ද? මාලිමා ආණ්ඩුව ආව නිසා දැන් හිරු පෘථිවිය වටා කැරකෙනවා කියලා ද? දැන් මේ අයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බාර දුන්නොත් අපේ දරුවන්ගේ අනාගතයට මොකක් වේවිද? එකේ පන්තියේ පාඩම්වල විතරක් වෙබ් සබැඳි 42ක් තිබෙනවාලු. නමුත් අද බටහිර රටවල රැල්ල වෙලා තිබෙන්නේ අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරන එක. ඒ නිසා සමාජ මාධ්‍ය හරහා පාඩම් උගන්වන්න බෑ. ඒ සඳහා විශේෂිත වෙබ් අඩවියක් සහ ඇප් එකක් මුලින්ම ආණ්ඩුව හදලා ඉන්න ඕනි. නව තාක්ෂණය හඳුන්වා දීමේ සීමා මොනවාද කියන එක ගැන ආණ්ඩුවට අවබෝධයක් නෑ කියන එකයි මේ හරහා ප්‍රදර්ශනය කරලා තිබෙන්නේ."