මෙරට මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයට ධීවර අමාත්‍ය චන්ද්‍රසේකර්ගේ දැඩි විරෝධය

Report

අසත්‍ය චෝදනා එල්ල කරමින් මෙරට ධීවරයින් පිරිසකට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයට දැඩි විරෝධය පළ කරන බව ධීවර අමාත්‍ය රාමලින්ගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කරයි.

එම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද(02) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලය ද දැනුවත් කර තිබෙන බවයි.

ඉකුත් 29 වනදින මෙරට මුහුදු සීමාවේදී ඉන්දිය වෙරළාරක්ෂක නිලධාරීන් පහරදීමක් සිදුකර තිබුණේ වෙන්නප්පුව, වෙල්ලමන්කරය වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා දෙකක සිටි ධීවරයින් 12 දෙනෙකුටයි.

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට..අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස බඳවා ගෙන ස්ථිර කිරීමට යෝජනාවක් - සජිත්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට..අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස බඳවා ගෙන ස්ථිර කිරීමට යෝජනාවක් - සජිත්

ධීවරයින් සඳහන් කළේ ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමෙන් පසුව මෙරටට පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇති බවයි.

එමෙන්ම මේ වන විට පහර කෑමට ලක්වු ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදාවේ යාත්‍රාවක් මඟින් ගොඩබිම වෙත රැගෙනවිත් ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුලත් කර ඇත.

එසේම පහරකෑමට ලක්වු තවත් ධීවරයින් 06දෙනෙකු රැගෙන ඒමට නාවික හමුදාවේ නෞකාවක් පිටත්ව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා සඳහන් කළා.

තවද අදාළ සිදුවීම සම්බන්ධයෙන් රජය මඟින් විනිවිඳ පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා කියා සිටියා.

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

"යාත්‍රා තුනකට පහර දීලා තියනවා..දෙකකට පහර දීලා තියෙන්නේ ලංකාවේ මුහුදු තීරයේදී..ලංකාවේ බෝඩරේ ඉඳන් අපේ මුහුදු සීමාව ඇතුළට ඇවිල්ලා තමා ගහලා තියෙන්නේ. එහෙම පහර දෙනෙකල් අපේ බලධාරීන් මොනවද කළේ කියලා අපි මුලින්ම අහන්න ඕනේ. ඒ ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න ඕනේ. පහර දීලා තියෙන්නේ අමානුෂික විදිහට. ඒ ගැන හොයා බලන්න කියලා අපි අපේ ඇමතිවරු දෙන්නට කියනවා. නාවික හමුදාවෙනුත් අපි ඉල්ලා සිටිනවා මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා. අපේ ධීවරයින්ට පහර දීලා යනකල් මොනවද කළේ කියලා අපි නාවික හමුදාවෙනුත් අහනවා."  

කොළඹට අද ලොකු කලබලයක් - රජය දැඩි තීරණයක

කොළඹට අද ලොකු කලබලයක් - රජය දැඩි තීරණයක