දරුවෝ බලාගන්න කාන්තාව නිරුවත් කරලා වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක්ට ඇප
නිවසේ සේවකයන් ඉදිරියේදී දරුවන් බලාගන්නා කාන්තාවක නිරුවත් කර එම වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා (02) නියෝග කර තිබෙනවා.
ඒ අනුව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතව සිටි රබර් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ බොරැල්ල පදිංචි මොහොමඩ් කමර්ඩීන් සස්මි, ඊට ආධාර අනුබල දුන් බව කියන ඇහැලියගොඩ මොහොමඩ් රසීඩ් හා මොහොමඩ් හනිපා යන සැකකරුවන් මෙසේ ඇප මත මුදා හැර තිබෙනවා.
එමෙන්ම එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට අවවාද කරමින් සෑම මසකම අවසන් ඉරු දින ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටින ලෙසට ද නියෝග කර තිබෙනවා.
තවද සැකකාර ව්‍යාපාරිකයා තම දරුවන් බලා ගත් සේවිකාවට මරණීය තර්ජනය කර අමානුෂික ලිංගික හිංසන සිදුකර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙන බව ද වාර්තා වේ.
පැමිණිල්ල කැඳවූ විටදී පොලීසිය අධිකරණයට කරුණු දක්වමින්, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් ඉල්ලා සිටියා.
මේ අතර ඉකුත් නඩු වාරයේදී කළ නියෝගයක් පරිදි සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ පේමරත්න මහතා කරුණු දක්වමින් ප්‍රධාන සැකකරුට විරුද්ධව අදාළ කාන්තාව විසින් මුල් අවස්ථාවේදී පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බව දැක්වූවා.
එමෙන්ම විමර්ශනයට පාදක සිද්ධිය ඉකුත් ඔක්තෝබර් මාසයේ සිදුව ඇති බවත්,මාස දෙකකට පසුව පැමිණිල්ල විසින් අදාළ කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ඇති බවත් සඳහන් කළා.
ඊට අමතරව සැකකරු සිය මානසික තත්ත්වය සම්බන්ධයෙන් මුල්ලේරියාව රෝහලින් ප්‍රතිකාර ලබන අයකු බවත් වාර්තා විය. කුඩා දරුවන් දෙදෙනකුගේ පියකු වන සැකකරුගේ මානසික තත්ත්වය සහ දරුවන්ගේ රැකවරණය සඳහා ඇප ප්‍රදානය කරන ලෙසද ඉල්ලා සිටියා.
ඒ අනුව දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනාට ඇප නියම කළ අතර රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට නියෝග කළා.
එසේම සෑම මසකම අවසන් ඉරි දින ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටින ලෙසටද නියෝග කළා. තවද විමර්ශන ප්‍රගතිය මාර්තු 16 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද පොලිසියට නියෝග කර තිබෙනවා.
පැමිණිල්ල සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිනි දර්ශිකා කුමාරි මහත්මියගේ උපදෙස් පරිදි විමර්ශන සිදු කරයි.