නන්දිකඩාල් කලපුවේදී යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කෙරේ

Report

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකරමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. රවිහරන් මහතා අද (18) උදෑසන මුලතිව්, නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේදී සැමරුම් වැඩසටහනක් පවත්වා ඇත.

එහිදී, යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කරමින් නන්දිකඩාල් කලපුවට මල් ඉසීම සිදුකෙරුණු අතර, මියගිය පිරිස්වල ආත්මයන්ට ශාන්තිය ප්‍රාර්ථනා කළ බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කරයි.

එමෙන්ම, යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකරමින් පැවැත්වෙන 17 වන සැමරුම් වැඩසටහන අද උදෑසන මුලතිව්, මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය අසළදී පැවැත්වීමට නියමිතව තිබුණි.


මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ ෆාරා 3 නෞකාව තිබූ වෙරළ ප්‍රදේශයේද අද විශේෂ දේව පූජාවක් පවත්වා මියගිය පිරිස්වල ආත්මයන්ට ශාන්තිය ප්‍රාර්ථනා කිරීමට නියමිත බවද වාර්තා වේ.

සෑම වසරකම මැයි 18 වැනිදා උතුරු සහ නැගෙනහිර දෙමළ ජනතාව මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ සැමරුම් ස්මාරකය අසළට රැස්වී යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහිපත් කරන බව නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරයි.

 

GalleryGalleryGalleryGallery