මේ ප්‍රදේශවලට තද සුළං සමග 100mm ඉක්ම වූ වැසි - අගයන් සමග ප්‍රදේශ ටික මෙන්න

Report

අද පෙරවරු 8.30ට අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මුලතිව් – අලපිල්ලි ප්‍රදේශයට ලැබී ඇති අතර එය මිලිමීටර 160ක් ලෙස වාර්තා වේ.

ඊට අමතරව කොස්ගම සාලාව වතු යාය ප්‍රදේශයට මිලිමීටර 108. 5ක වාර්ෂාපතනයක් ද පුනරීන් ප්‍රදේශයට මිලිමීටර 106. 5 වර්ෂාපතනයක් ද ලැබී ඇත.

උතුර, උතුරු මැද පළාත්වලට සහ මඩකලපුව හා ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ඉදිරි පැය කිහිපය තුළ මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එමෙන්ම, නැගෙනහිර, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්වය ස්ථාපිත වීම මීට හේතුවී ඇති අතර උතුර, උතුරු මැද සහ වයඹ පලාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 30ත් 40 ත් අතර තරමක තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

මේ අනුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සිදුවිය හැකි ආපදා තත්ත්වයන් අවම කිරීමට, පාලනය කර ගැනිමට හා කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

අද පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 160 මුලතිව් අලපිල්ලි ප්‍රදේශයට ලැබී තිබෙනවා. ඊට අමතරව කොස්ගම සාලාව වතු යාය ප්‍රදේශයට මිලිමීටර 108. 5ක වාර්ෂාපතනයක් ද පුනරීන් ප්‍රදේශයට මිලිමීටර 106. 5 වර්ෂාපතනයක් ද ලැබී තිබෙනවා.

ආයෙත් උඩ යන රන්මිල මෙන්න

ආයෙත් උඩ යන රන්මිල මෙන්න