දමිළ චිත්‍රපටයක මෙන් මෙරටදී ඇත්තටම සිදු වූ දේ..

By Sithumi Apr 23, 2022 03:31 PM GMT
Sithumi

Sithumi

Report

දමිළ සිනමාපටවල කොල්ලකෑම් සිදුකරන ආකාරයට නිවැසියන් බියවද්දා සහ පහරදී මුලතිව් ප්‍රදේශයේ ස්ථාන රැසක ගෙවල් මකොල්ල කන ලද කල්ලියක ප්‍රභල සාමාජිකයින් 6 දෙනෙකු තියුණු ආයුධද සමගින් අත්අඩංගුවට ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි. 

පුදුකුඩිඉරිප්පු , කොම්බාවිල්, දේවිපුරම් , විශ්වමඩු ආදි ප්‍රදේශයන්හි නිවාසවලට තියුණු ආයුධද සමගින් කඩා වැදී නිවැසියන්ට පහරදී සහ බියගන්වා රන් ආභරණ කොල්ල කල්ලියක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට පුදුකුඩිඉරිප්පු පොලීසිය පියවර ගෙන තිබුණි. 

පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිතුමන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව පළමුව කාන්තාවක් අත්අඩංගුවට ගෙන පසුව සෙසු සැකකරවුන් නිවෙස්හි සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීම සිදු විය. අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් දමිල සිනමාපටවල කොල්ලකෑම් සිදුකරන ආකාරයට කාන්තාවන් පමණක් සිටින නිවෙස් වලට කඩා වැදී රන් ආභරණ කොල්ල කා රන් ආභරණ කාන්තාවට ලබා දී ඇය මාර්ගයෙන් විකිණීම සිදුකොට ඇත.

මෙම කල්ලිය මීට පෙරද අපරාධ රැසකට සම්බන්ධ බවටද තොරතුරු අනාවරනය වී ඇතැයිද පොලීසිය පැවසීය. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී තියුණු කඩුවක්ද සමගින් රන් ආභරණ රැසක් සොයාගෙන ඇති අතර සැකකරුවන් මුලංකාවිල් සහ සෙල්වපුරම් ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 20 ත් 30 ත් අතර වයස්හි පසුවෙති. 

අත්අඩංගුවට පත් සැකකරුවන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය