13 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සංවේදී කතාවක් එළියට.
මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වූ 13 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් හදවත් කම්පාකරවන තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී ඇත.
සිද්ධියට අදාළව මෙලෙස මියගොස් සිටි 13 හැවිරිදි වියේ පසුවූ දැරියගේ මව,පියා, වැඩිමල් සොහොයුරිය, ඇයගේ ස්වාමිපුරුෂයාගේ සහෝදරයෙකුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතින බව පොලිසිය පවසයි.
මෙම විමර්ශනවලදී වැඩිදුර තොරතුරු අනාවරණ වී ඇත්තේ දැරිය මියගිය අවස්ථාවේ මාස දෙකකට ආසන්න කාලයක ගැබිණියක් වන බවය.
දැරියගේ වැඩිමල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයා සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන තිබේ.
මරණ පරීක්ෂණ වාර්තාවන්ගෙන් අනාවරණ වී ඇත්තේ අධික රුධිර වහනය වීම හේතුවෙන් මෙලෙස අවාසනාවන්ත ලෙස 13 හැවිරිදි දැරිය මියගොස් ඇති බවය.
දැරිය පසුගිය 15 වැනිදා සිට අතුරුදහන් බවට පොලිසියට පැමිණිළි කොට ඇති අතර,දැරිය සොයා ප්‍රදේශවාසීන්,පොලිසිය හා යුධ හමුදාව දින ගණනාවක් සෝදිසි මෙහෙයුම් සිදුකල බව පොලිසිය පවසයි.
එම සෝදිසි කිරීම්වලදී දැරියගේ මළ සිරුර මුලතිව්,පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ මුංගිලාරු ප්‍රදේශයේ පාළු ඉඩමක් තුළ තිබී පසුගිය 18 වැනිදා සොයා ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
දැරියගේ පියා මරණය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කොට ඇති බවද මුලතිව් පොලිසිය පැවසූහ.
මේ අතර පවුලේ අයගේ අනුදැනුම මත දරු ගැබ විනාශ කිරීමේ අරමුණින් ඖෂධ ලබාදී සිදුකළ ක්‍රියාවලියකින් අනතුරුව, අධික රුධිර වහනයක් සිදුව දැරිය ජිවිතක්ෂයට පත්ව ඇති බවට ආරංචියක් පවතින බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
පුදුකුඩිඉරිප්පු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |