රජය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි - පාරිභෝගික ජනතාවට සහනයක්
පැණිබීම ඇතුළු සීනි අඩංගු දියර ආහාර වර්ග සඳහා දැනට ක්‍රියාත්මක වර්ණ සංකේත ලේබල් කිරීමේ රෙගුලාසි සංශෝධනය කරමින් නව අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් 1980 අංක 26 දරන ආහාර පනතේ 32 වැනි වගන්තියෙන් තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නව නියෝග පනවා ඇති අතර, ඒවා ජුනි මස 23 වැනිදා දිනැති ගැසට් පත්‍රය මඟින් ප්‍රසිද්ධ කර ඇත.
මෙම නවතම සංශෝධනවලට අනුව, සීනි සහිත පාන වර්ගවල බාහිර ඇසුරුම් මත අනිවාර්යයෙන්ම සටහන් කළ යුතු රතු, ඇම්බර් සහ කොළ යන වර්ණ ලකුණුවල ප්‍රමාණය, හැඩය සහ ඒවා ප්‍රදර්ශනය කළ යුතු ආකාරය පිළිබඳව නව නීති මාලාවක් හඳුන්වා දී තිබේ.
විශේෂයෙන්ම කුඩා වීදුරු බෝතල්වල පවතින ඉඩකඩ සීමිත බව සැලකිල්ලට ගනිමින්, ඒවා සඳහා භාවිත කළ හැකි විකල්ප වර්ණ ලාංඡනයක් ද මීට ඇතුළත් කර ඇත.
මීට අමතරව, සෘජුවම පාරිභෝගිකයා වෙත අලෙවි නොකර වෙනත් කර්මාන්ත හෝ වෙළඳ අරමුණු සඳහා පමණක් යොදාගන්නා "ව්‍යාපාරයකින් ව්‍යාපාරයකට" සැපයෙන ආහාර නිෂ්පාදන පිළිබඳව ද මෙහිදී අලුතින් අර්ථ දක්වා තිබේ.
ඒ අනුව ඒවා තවදුරටත් සැකසීමට, පිළියෙළ කිරීමට හෝ නැවත තොග වශයෙන් විකිණීමට පමණක් භාවිත කරන නිෂ්පාදන ලෙස වර්ග කෙරේ.
නව උපලේඛනයේ දැක්වෙන පරිදි සීනි වර්ගීකරණය සිදුකර ඇති ආකාරය මෙසේය
සීනි ප්‍රමාණය (මිලිලීටර් 100කට)නියමිත වර්ණ සංකේතය
ග්‍රෑම් 8.0කට වඩා වැඩි🔴 රතු වර්ණයග්රෑම් 2.5 සිට 8.0 දක්වා🟡 ඇම්බර් වර්ණයග්රෑම් 2.5කට වඩා අඩු🟢 කොළ වර්ණය