අත්අඩංගුවට ගත් කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතාට ලැබුණ අධිකරණ නියෝගය..

Report

කතරගම දේවාලයේ ප්‍රධාන කපුරාළ ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතාට ලැබුණ අධිකරණ නියෝගය.. | Mr Head Of Kataragama Temple Who Was Arrested

ඒ තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ය.

ඒ අනුව ලක්ෂ 05ක ශරීර ඇප 02ක් මත ඔහුව මුදාහරින ලෙසට අධිකරණය නියෝග කර ඇත.

කෙසේ වෙතත්, සෑම මසකම අවසන් ඉරිදා දින කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය ඔහුට නියෝග කර තිබෙනවා.

මේ අතර, අතුරුදන්ව සිටි රුහුණු කතරගම මහ දේවාලයේ සොමිපාල ටී. රත්නායක මහතා වන ප්‍රධාන කපු මහතා කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර වීය.

අත්අඩංගුවට ගත් කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතාට ලැබුණ අධිකරණ නියෝගය.. | Mr Head Of Kataragama Temple Who Was Arrested

අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීම් ද ආරම්භ කර ඇති බවට වාර්තා වුණා.

ඔහු අභිරහස් ලෙස අතුරුදන්ව ඇති බවට පසුගිය 23 වැනිදා කතරගම පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායම් විසින් ඔහු සොයා විමර්ශන සිදු කෙරුණා.

එම කපු මහතාගේ දියණියන් දෙදෙනෙකු සහ මුනුපුරකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බවයි පැවසෙන්නේ.

සම්පූර්ණ විස්තරය පහතින්,

කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපුමහතා පොලිසියට භාරවෙයි..

කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපුමහතා පොලිසියට භාරවෙයි..