කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපුමහතා පොලිසියට භාරවෙයි..

Report

අතුරුදන්ව සිටි රුහුණු කතරගම මහ දේවාලයේ සොමිපාල ටී. රත්නායක මහතා වන ප්‍රධාන කපු මහතා කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර වී තිබෙන බව වාර්තා වනවා.

අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු අභිරහස් ලෙස අතුරුදන්ව ඇති බවට පසුගිය 23 වැනිදා කතරගම පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායම් විසින් ඔහු සොයා විමර්ශන සිදු කෙරුණා.

එම කපු මහතාගේ දියණියන් දෙදෙනෙකු සහ මුනුපුරකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් අඹුසැමි යුවළක් සැක කරන බවත්, ඔවුන් කපු මහතාගේ පවුලේ සමීපතමයන් වන බවත් ඔවුන් අදාළ පැමිණිල්ල මඟින් සඳහන් කර තිබු බවයි පැවසෙන්නේ.

දරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබුණේ, පසුගිය 08 වැනිදා සිය පියා ඔවුන්ගේ නිවෙසට ගිය බවත්, ඉන් අනතුරුව ඔහු මෙලෙස අතුරුදන්ව සිටින බවයි.