ශ්‍රී ලංකාවට මේ මොහොතේ අවශ්‍ය අත්‍යාවශ්‍ය දෙයක් පිළිබඳව ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10ක හදිසි මූල්‍යාධාරයක්..
Sri lanka
world bank
Today trending news
Mr.Ali Sabri
By krishani
ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා හදිසි ප්‍රතිපාදන ලෙස ඩොලර් මිලියන 10ක් නිදහස් කිරීමට ලෝක බැංකුව අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ, මුදල් අමාත්‍ය අලි සබ්රි සමග ඊයේ(11) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
එමෙන්ම, සති දෙකක කාලසීමාවක් තුළ ගෑස්, ඖෂධ සහ තවත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 500ක් නිදහස් කිරීමටයි ලෝක බැංකුව එකඟතාව පළ කර ඇත්තේ.
මේ අතර, ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදය කළමණාකරණය කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගතකිරීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු ප්‍රධාන පාර්ශව 4ක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ඊයේ අනාවරණයක් සිදු කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |