පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර රිය අනතුරකට මුහුණ දෙයි.
අද(3) අලුයම සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර ගමන් ගත් ජිප් රථය අනතුරට ලක්ව තිබෙනවා.
ඒ, කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කෝන්ගස්දෙනිය හංදිය අසලදී යතුරුපැදිය ගැටීමෙන්.
එම අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා ඇති අතර මන්ත්‍රිවරයාට හෝ එහි ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදුව නොමැත.
මන්ත්‍රීවරයා රැගත් රථය මහනුවර දෙස සිට කොළඹ දෙසට ගමන් කරද්දී මෙම අනතුර සිදුව ඇති අතර යතුරු පැදිකරු පමණක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
...........................................