බඩුමිල ඉහලයාමට විරුද්දව මන්ත්‍රීවරයෙක් වෙනස්ම විරෝධතාවක..බෙල්ලේ වැල දා ගයි..?

mp kilinochchiya karachchi s sivaraj
By Sewvandhi Oct 23, 2021 01:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු විසින් රටේ පවතින ගෑස්, කිරිපිටි, සිමෙන්ති, සහල්, සීනි ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යන්වල මිල ගණන ඉහල යාම සම්බන්ධයෙන් රජයට විරෝධය පාමින් ප්‍රාදේශීය සභාවතුල විරෝධතාවක නිරත විය.

කරච්චි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වූ එස්.ජීවරාජා විසින් කරච්චි ප්‍රාදේශීය සභා සැසිවාරයට පාගමනින් පැමිණියේ වෙනස්ම ආකාරයේ විරෝධතාවක්ද සිදුකරමිනි. එහිදී මන්ත්‍රීවරයා විසින් ගෑස් සිලින්ඩර් දෙකක් දෑත්වලින් එල්ලා තවද සිරුරෙහි සිමෙන්ති කොට්ටයක් බැඳ තවත් පැත්තකින් සීනි ,කිරිපිටි සහ සහල් සිරුරේ එල්ලා ගිනිමිනි.

එහිදී ප්‍රාදේශීය සභාවට පාගමනින් පැමිණි මන්ත්‍රී වරයා විසින් වැඩිදුරටත් කියා සිටියේ , ‘කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ මෙන්ම උතුරු පලාතේ වැඩි වශයෙන් ජීවත් වන ජනතාව යුද්දයෙන් බැට කා නැවත පදිංචියට ගොස් අලුතින් ජීවිත ආරම්භකර ඇති අවස්ථාවක හෙයින් රජය විසින් මෙලෙස අත්‍යවශ්‍ය ද්‍රව්‍යන්වල මිල ඉහල දැමීම හේතුවෙන් අද වන විට උතුරේ ජනතාවට දෛනික ජීවිතය පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇති හෙයින් වහාම අත්‍යවශ්‍ය දුව්‍යන්වල මිල ගනන් පහල දැමීමට රජය විසින් පියවර ගත යුතු බවටය. මන්ත්‍රීවරයාගේ විරෝධතාවයට ප්‍රාදේශීය සභාවේ සිටි සෙසු මන්ත්‍රීවරුන් මෙන්ම සභාපතිවරයාද සහය දැක්වීය.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.