අම්මෝ මහින්ද මහත්තයා ආයෙත් තරුණ වෙලා - පරණ යාළුවෙක් බලන්න ගිහින් [PHOTOS]
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරගේ සුවදුක් බැලීම සඳහා ගොස් තිබේ.
එහි ගිය චායාරුප හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පිලිබදව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තම මුහුණු පොතේ තැබූ සටහන පහතින්,
“පැරණි සටන් සගයෙක් වන වාසුදේව නානායක්කාර මහතා හමුවී සුවදුක් විමසීම සඳහා එම මහතාගේ නිවසට ගියෙමි. මා සහ වාසුදේව නානායක්කාර එක්ව දේශපාලනයේ යුග ගණනාවක් පසුකර ඇත. අප දෙදෙනාමදේශපාලනයට පිවිසියේ 1970 වර්ෂයේදීය. මිත්‍රත්වය ඉතා පැරණිය. ඒ තරමටම සංකීර්ණය. වාසු යනු අපූරු සටන් සගයෙකි.ආවේගශීලී චරිතයකි. හොඳ මිතුරෙකි. මා මිත්‍රයාට ගෞරවයක් ලෙස මෙම සටහන තබමි. අතීතයේ කොළඹ සිට කතරගම දක්වා සිදු කරන ලද පාද යාත්‍රාව මේ වන විට බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිලිහී ඇතැයි සිතමි.
අතුරුදහන් වූවන් වෙනුවෙන් පෙනී සිටිම, උතුරු නැගෙනහිර යුද්ධය සඳහා විසඳුමක් ගෙන ආ යුතුයි යන්න සහ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට එරෙහිවීම වැනි ජනතාවාදී කරුණු අරමුණු කර ගනිමින් පැවති එම පාද යාත්‍රාව ඇරඹුණේ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටිනි. ඒ 1992 වර්ෂයේ මාර්තු 16 වන දිනය. ඒ සඳහා එකතු වූ සටන් සගයන් රැසකි. ඒ අතර එක්සත් සමාජවාදී පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාද සිටියේය. 1992 වර්ෂයේ ජූලි මස පළමුවැනි දින දහවල් 12.35 ට රටපුරා සැම දෙනාම එක්ව හඬ නැගූ ජනඝෝෂාව වාසුට අමතක නොවන බව දනිමි. භීෂණ සමයෙහි ලංකාවේ තරුණ තරුණියන්ගේ අතුරුදන් වීම් වලට එරෙහිව එම අතුරුදහන්න වූවගේ මානව හිමිකම් වෙනුවෙන් හඬ නගද්දී ද වාසු මා සමඟ සිටියේය. එම සිදුවීම් සිදු වී වසර ගණනාවකි. ඒ් සියල්ල අතීත දේශපාලන රස කතාය. එහෙත් එම සිදුවීම් රස කතා පමණක්ම නොවේ.එම සිදූවීම් ශ්‍රී ලාංකීය ජන හිතවාදී දේශපාලනයේ මං සළකුණුය. දේශපාලනිකව කුමන මත දැරූවද අප දෙදෙනාම සැමදා සටන් කළේ ජනතාව වෙනුවෙනි.
හිතවත් වාසු ඔබට නිරෝගී බව ප්‍රාර්ථනා කරමි.”


