කථානායකට එරෙහිව විශ්වාසභංගයක්?
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බවයි.
රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසා සිටියේ විපක්ෂයේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිවාසිකම් රැකීමට කටයුතු කරන්නේ නැතිනම් ඊට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බවය.
එලෙස ඔහු පැවසුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ කථානායක තීරණය ඉදිරිපත් කළ අවස්ථාවේ දීය.
එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේ කිසිවිටෙකත් කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයකින් කථානායකවරයාව පරාජය කිරීමට විපක්ෂයට නොහැකි බවටය.

"මෙහෙමයි පුතාලා දෙන්නා පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි හැබැයි තාත්තා සම්බන්ධ නෑ"මොහොමඩ් ඒබ්‍රහිම් ගැන හොද කියන මන්ත්‍රී සමන්මලී
ඔහු පවසා සිටියේ,
"කථානායකවරයාගේ නියෝගය අනුව කිසිම ප්‍රශ්නයක් නෑ අපි ඕනෑම වෙලාවක ආණ්ඩු පක්ෂය ලෙස වාද කරන්න ලෑස්තියි. ඔබතුමාට තර්ජනය කළා මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා, ඔබතුමා මේකට අවසර දුන්නේ නැතිනම් ඔබතුමාට විරුද්ධව විශ්වාසභංගයක් ගේනවා කියලා. දැන් අපි අහන්නේ, ඔබතුමා පත්වෙලා තිබෙන්නේ පාර්ලිමේන්තුවේ නිසි ඡන්දයකින්. දැන් මේකද ප්‍රජාතන්ත්‍රවාදය. ඔබතුමාව පරාජය කරන්න මෙයාලට බෑ. නමුත් ඒකද විපක්ෂ නායකවරයාගේ ස්ථාවරය. ඒ තර්ජනයද ? අපිට ප්‍රශ්නයක් නෑ ඔබතුමන්ලා අරුණ ජයසේකර මහත්තයාට අදාළව පාර්ලිමේන්තුවේ නීතිරීතිවලට ඕනෑම මෝෂන් එකක් ගේන්න. අපි කැමතියි වාද විවාද කරන්න."