විදුලිබල අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් තම වරප්‍රසාද කඩවු බවට මන්ත්‍රී දයාසිරිගෙන් චෝදනාවක්...
විදුලිබල මණ්ඩලය අලාභ ලබන බැවින් විදුලි ගාස්තු අඩු කළ නොහැකි බවට පසුගිය පාර්ලිමේන්තු සතියේදී විෂයභාර අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයෙන් තම වරප්‍රසාද කඩ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය එක්වෙමින් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී ඒ බව ප්‍රකාශ කළේය.
"වරප්‍රසාද කඩ වීම පිළිබඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම 2025.01.09 වන දින මා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගෙන් විදුලි බිල අඩුකිරීම පිළිබඳ ප්‍රශ්නයක් විමසන ලදි.
එම ප්රශ්නයේ අතුරු ප්‍රශ්නයක් ලෙස මා විසින් මතුකරන ලද්දේ 2024 විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 167ක ලාභ ලබා තිබෙන බවයි.
එහිදී විදුලිබල අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කරන ලද අතර ඔහු ප්‍රකාශකරන ලද්දේ විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 322ක ණයකින් පෙළෙන බවත්ය ඔය කියන ලාභය ඔප්පුකර පෙන්න ලෙසත්ය.
එහිදී නැගී සිටි මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා 2024 Mid Year Fiscal Position Report 36 වන පිටුව අනුව විදුලිබල මණ්ඩලය 2024.06.30 වන විට උපයා තියෙන ලාභය රුපියල් බිලියන 119.209 බව ප්රකාශකළා .
එමගින් මූලිකවම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන වාර්තාවකින් පෙන්වා දී ඇති ලාභ ඉපයීමක් ප්‍රතික්ෂේප කර බොරු තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත්, පාර්ලිමේන්තුව දැඩි ලෙස නොමඟ යැවීමක් පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස මාගේ වරප්‍රසාද කඩ කිරීමකි.
එසේම මහජන උපයෝගිතා කොමිසම හා විදුලිබල මණ්ඩලය අතර හුමාරු වුණ ලිපිය අනුව 2024.01.24 සිට 2024.12.24 දක්වා විදුලිබල මණ්ඩලයේ ලාභය රුපියල් බිලියන 140.59ක් වන බවත් ක්ෂවීම් මත ලැබුණු රුපියල් බිලියන 34ක්ද සමග 2024 වසරේ විදුලිබල මණ්ඩලයේ සමස්ත ලාභය රුපියල් බිලියන 177.6ක් වන බවත් පැහැදිලි."
You may like this video