ප්‍රජා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය..

Report

 ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ IHE-Delft Institute for Water Education මඟින් ප්‍රජා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ඒකාබද්ධ පර්යේෂණ හා සංවර්ධන සහ ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා UNESCO THE ආයතනය සමඟ 2022 වර්ෂයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

14 හැවිරිදි දරුවාගේ මරණයට 62ක කාන්තාවක් අත්අඩංගුවට...

14 හැවිරිදි දරුවාගේ මරණයට 62ක කාන්තාවක් අත්අඩංගුවට...

එකී අවබෝධතා ගිවිසුමේ විධිවිධාන වලට අනුකූලව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් '' පාර්ශ්වකරුවන් ජල සේවා කොටස් හිමියන් බවට පරිවර්තනය කිරීම පිණිස ප්‍රජා වගකීම් කළමනාකරණය '' යන තේමාව යටතේ ජලය සහ සෞඛ්‍ය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් විස්තීරණ ව්‍යාපෘති යෝජනාවක් IHE-Delft Institute for Water Education ආයතනය වෙත ඉදිරිපත් කර ඇත.

එම ආයතනය විසින් IHE-Delft ජල හා සංවර්ධන හවුල්කාරිත්ව වැඩසටහනේ 3 වන අදියර (DUPC 3) යටතේ ව්‍යාපෘති යෝජනාව හවුල්කාර සාමාජික ආයතන කිහිපයක් සමග එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස අනුමැතිය ලබා දී ඇත.

රජයෙන් ලබා දෙන මුදලක් ඉහළ නැංවීමට පියවර..

රජයෙන් ලබා දෙන මුදලක් ඉහළ නැංවීමට පියවර..

ඒ අනුව, හවුල්කාර සාමාජිකයින් සඳහා යුරෝ 399,819 ක උපරිම ප්‍රදාන දායකත්වයක් ලබා දීමටත්, ඉන් යුරෝ 164,236 ක මුදලක් ජල හා සංවර්ධන හවුල්කාරිත්ව වැඩසටහනේ 3 වන අදියර (DUPC 3) යටතේ ශ්‍රී ලංකා රජය වෙත වෙන් කර දීමටත් එකඟතාව පළ කර ඇත.

යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ගිවිසුම්වලට එළඹීම සඳහා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.  

You may like this video