මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රීට වැඩ වරදී
දොඩංගොඩ පොලීසිය මඟින් මාලිමා පළාත් පාලන අපේක්ෂකයකුට පහරදුන් සමගි ජන බලවේගය දොඩංගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දොඩංගොඩ, නෑහින්න ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙලෙස ජාතික ජන බලවේග පක්ෂයේ ලැයිස්තු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ කෙ.ජී. විජයරත්න බණ්ඩා නැමති අයට සමගි ජන බලවේග පක්ෂයේ දොඩංගොඩ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී කුමාරසිරි ජයසිංහ නැමැත්තා විසින් ඊයේ (29) සවස 4.45ට පමණ පුටුවකින් පහර දී තිබෙන බවට වාර්තා වේ.
තවද පහරකෑමට ලක්වූ විජයරත්න බණ්ඩා මහතා මේ වනවිට නගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට වාර්තා වේ.