ආයේ කුවේට් වලට ගෘහ සේවයට යන්න බෑ? - රටවල් 27ක සේවකයන් තහනම් - ලාංකිකයන්ට වෙන්න යන දේ මෙන්න

Report

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කුවේට් රාජ්‍යයේ ගෘහ සේවකයන් ගෙන්වීම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කට පමණක් සීමාකර ඇති බවයි. ගෘහ සේවක අංශය නියාමනය කිරීම සඳහා නව නීති මාලාවක් කුවේට් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් හඳුන්වාදීමත් සමඟ මෙම තත්ත්වය උද්ගතව ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මිනිස්බල සඳහා වන මහජන අධිකාරිය ඇතුළු රජයේ ආයතන කිහිපයක නිරීක්ෂණ සහ නිර්දේශ මත පදනම්ව මෙම පියවර සම්මත කර ඇත.

රටේ රන්මිල පහළට - රත්තරන් ගන්න ඉන්න අයට හොඳම දවස අද තමයි

රටේ රන්මිල පහළට - රත්තරන් ගන්න ඉන්න අයට හොඳම දවස අද තමයි

ඒ අනුව රටවල් 27ක් තහනම් කර ඇති අතර ගෘහ සේවකයන් ගෙන්වීම රටවල් 10කට සීමා කර ඇත. මෙම චක්‍රලේඛය පදිංචිය කටයුතු දෙපාර්තමේන්තු සහ සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හරින ලද අතර දින දෙකකට පෙර එය යාවත්කාලීන කිරීමෙන් පසුව ක්‍රියාත්මක වූ බව විදෙස් මාධ්‍ය පැවසීය.

සේවකයන් ගෙන්වීමට අවසර ඇති රටවල් 10 පහත දැක්වෙයි.

  1. ශ්‍රී ලංකාව
  2. ඉන්දියාව
  3. පිලිපීනය
  4. වියට්නාමය
  5. නේපාලය
  6. දකුණු අප්‍රිකාව
  7. බෙනින්
  8. එරිට්‍රියාව 
  9. ඉතියෝපියාව

යන රටවල් 9 කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම අවසර ලබා දී ඇති අතර සෙනගාලය යන රටින් සේවකයන් බඳවා ගැනීම පිරිමි අයට පමණක් සීමාකර තිබේ.

මෙම තීරණයට ගෘහ සේවිකාවන් බඳවා ගැනීම තහනම් කර ඇති රටවල් 27 ක ලැයිස්තුවක් ද ඇතුළත් වේ.

දුරකථනයක් භාවිතා කරනවානම් හෝ බැංකු ගිණුමක් තියෙනවනම් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

දුරකථනයක් භාවිතා කරනවානම් හෝ බැංකු ගිණුමක් තියෙනවනම් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

එම තහනම් ලැයිස්තුවට අඩංගු රටවල් පහත දැක්වේ.

  1. මැඩගස්කරය 
  2. භූතානය 
  3. කෙන්යාව
  4. උගන්ඩාව
  5. නයිජීරියාව
  6. ටෝගෝ
  7. මලාවි
  8. චැඩ්
  9. ජිබුටි
  10. නයිජර්
  11. ගිනියාව
  12. ගිනියා-බිසාවු
  13. කාබෝ වර්ඩ්
  14. සියෙරා ලියොන්
  15. ලයිබීරියාව
  16. මාලි
  17. බුර්කිනා ෆාසෝ
  18. ගැම්බියාව
  19. කැමරූන්
  20. සමක ගිනියාව
  21. මධ්‍යම අප්‍රිකානු ජනරජය
  22. කොංගෝ ජනරජය
  23. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය
  24. රුවන්ඩාව
  25. බුරුන්ඩි
  26. ඇන්ගෝලාව යන අප්‍රිකානු ජාතීන් ඇතුළත් වේ.

මෙයින් ඇතැම් රටවලින් තහනම් කර ඇත්තේ කාන්තා සේවිකාවන් පමණක් වන අතර පිරිමි සේවකයන් ගෙන්වීමට අවසර ඇත.