ගල්කිස්ස මංසන්ධියේදී දරුණු අනතුරක්

Report

ගල්කිස්ස මංසන්ධියේදී අද (15) අලුයම 1.15ට පමණ බස් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇත.

කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ වන්දනා ගමනක් ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් සහ මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ .

මෙම අනතුරින් මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇතත් එහි ආරක්ෂිත බැලූන ක්‍රියාත්මකවීම නිසා කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.

පුද්ගලයන් දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුරු දෙකක්

පුද්ගලයන් දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුරු දෙකක්