යතුරු පැදි අනතුරෙන් මිය ගිය තරුණයාගේ අවමගුලේ යතුරු පැදි සංදර්ශන.. විරෝධය දැක්වූ පියෙකුට හෙල්මට් ප්‍රහාරයක්. (PHOTOS)

Sri Lanka Police Sri Lanka Funeral
By Wayomi Aug 10, 2023 06:45 AM GMT
Wayomi

Wayomi

Report

යතුරුපැදි අනතුරකින් මියගිය තරුණයකුගේ අවමගුල් පෙරහැරක අනතුරුදායක යතුරුපැදි සංදර්ශනයකින් ගමන් ගත් තරුණයින්ට තිදරු පියෙකුට හෙල්මට්වලින් පහරදී තිබෙනවා.

මේ පුවත වාර්ථා වන්නේ වාසල ප්‍රදේශයෙන්.

යතුරුපැදි අනතුරකින් මියගිය වාද්දුව ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි දුලාංජ හේෂාම්වර්ධන විජේ නැමති තරුණයාගේ අවසන් පොදු කටයුතු (09) වාද්දුව වේරගම සුසාන භූමියේ දී සිදු කෙරුණා.

මේ අවස්ථාවේදි මෘතදේහයට අවසන් බුහුමන් දක්වන පවසමින් තරුණයින් පිරිසක් යතුරුපැදි 30කින් පමණ පැමිණ අනතුරු අකාරයෙන් තනි රෝදයෙන් සංදර්ශනයක් ඉදිරිපත් කිරීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී එහි සිටි තිදරු පියෙක් ඔවුන්ට විරෝධතාවය පළ කිරීමත් සමග උරණවූ තරුණයන් තිහකට ආසන්න පිරිසක් සහභාගී වූ පුද්ගලයාට අතින් පයින් සහ හෙල්මට්වලින් පහරදී ඇති බව වාර්ථා වනවා.

ප්‍රදේශයේ කිහිප දෙනෙක් දැඩි පරිශ්‍ර‍්‍රයක් යොදාගෙන ඔහුව බේරාගත් බවයි ගගන වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් සිද්ධිය පිළිබඳ වාද්දුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


- සිතුමිණී ගුණවීර -  

GalleryGallery
ReeCha