අද (19) උදෑසන එකිනෙක ඉස්සර කිරීමට අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථ දෙකකින් එක් බස් රථයකට යතුරුපැදිකරුවෙක් යටවීමෙන් අනතුරක් සිදුවී තිබුණි.
අනතුර සිදුවී තිබුණේ හයිලෙවල් මාර්ගයේ පනාගොඩ ලක්ෂපාණ වංගුව අසලදීය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණි.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |