සැප්තැම්බර් 9 සිට 20 දක්වා හුරුලු පාරිසරික උද්‍යානය වැසෙයි - අධික රස්නයෙන් ගිනි පැතිරීමේ අවදානමක්

Report

පවතින දැඩි වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් උද්‍යාන භූමිය තුළ නිරන්තරව ගිනි පැතිරීමේ අවදානමක් පවතින බැවින්, පොළොන්නරුව හුරුලු පාරිසරික උද්‍යානය සැප්තැම්බර් 9 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා තාවකාලිකව වසා තැබීමට තීරණය කර ඇති බව පොලොන්නරුව ප්‍රාදේශීය වන නිලධාරී දන්වා තිබේ.

පොලොන්නරුව ප්‍රාදේශීය වන නිලධාරී විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා ඇත.

වාහන අංක තහඩු ලැබෙන දිනය මෙන්න - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

වාහන අංක තහඩු ලැබෙන දිනය මෙන්න - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

සංචාරක මහජනතාවගේ සහ වන සත්ත්ව සම්පතේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ගනු ලැබූ මෙම තීරණය අනුව, අදාල කාල සීමාව තුළ උද්‍යානයට ඇතුලු වීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ උද්‍යානය යළි විවෘත කරන දිනය පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවයි.

පෞද්ගලික අංශයේ සේවකයන්ට විශේෂ නිවේදනයක් - රාජ්‍ය අංශයට පමණක් ලැබුණු සහනයක් ඔක්තෝබර් 1 සිට පෞද්ගලික අංශයටත්

පෞද්ගලික අංශයේ සේවකයන්ට විශේෂ නිවේදනයක් - රාජ්‍ය අංශයට පමණක් ලැබුණු සහනයක් ඔක්තෝබර් 1 සිට පෞද්ගලික අංශයටත්